Tuesday, June 25, 2024
Local Newsසමාජ-ආර්ථික

අප සතුවූ විශ්මකර්ම ඉංජිනේරු සහ විද්‍යත්මක දැනුම!

0

පූර්ව වර්ෂ 543 දී විජය කුමරු ඇතුළු ආර්යයින් මෙරටට සංක්‍රමණය වන අතර එතැන් පටන් මෙරට තුල ආර්ය ශිෂ්ඨාචාරයක් බිහිවීම ආරම්භ වුනි. මුටසිව රජුට පසු දේවානම්පියතිස්සයන් (පූර්ව වර්ෂ 250-210 ) රජ වෙන අතර එතුමන් දඹදිව එවකට රජකම් කල අසෝක අධිරාජ්‍යයා සමග පැවැත්වු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල ප්‍රතිඵලයක් වශයෙන් අසෝක අධිරාජ්‍යයාගේගේ පුත් මහින්ද මහරහතන්වහන්සේ විසින් මෙරටට ථේරවාදී බුදුදහම මෙරටට හඳුන්වාදෙන ලදී. මෙරට රාජ්‍යත්වයෙහි ආරම්භය සහ බුදු දහම මත පදනම් වූ ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ මෙසමයෙහිය.

එවක සිට ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයක් දියුණු වීමත් සමග ඉදිකිරීම් කර්මාන්තයේ නව ප්‍රවනතාවයක් ඇති විය. “ලංකාවේ තරම් දියුණු වුත් පුළුල් වුත් වාරිකර්ම ලෝකයේ වෙනත් කිසිම රටක නොවු බවත් පෙර කරන ලද අති විශාල වැව් කර්මාන්ත සමහර විට අන් කිසිම රටක දක්නට නොලැබේය යනු මාගේ විශ්වාසය බවත් ඒ ඒ සිමාව ඇතුලත දක්නට ලැඛෙන තරම් වැව් අමුණු කර්මාන්ත අන්රටක දැකීම දුෂ්කර බවත් බදුල්ලේ දිසාපති ඛෙලි මහතා විසින් 1981 ඉංග්‍රීසි ආණ්ඩුව වෙත ඉදිරි පත් කල වාර්තාවක සඳහන්ය”. මෙනයින් බලන කල ශ්‍රී ලංකාවේ තරම් සංකීර්ණ හා ශිල්පිය දැනුම අතින් විශිෂ්ට දියුණුවක් පෙන්වන ලද වාරිමාර්ග පද්ධතියක් ආසියාවේමත් පුරාණ ලෝකයේවත් නොමැති බව මොනවට පැහැදිළිය.

බුදුදහමේ ආභාෂයත් සමග ඉදිවූ පිරමිඩාකාර (Pyramidal) ඉදිකිරීමක් වන ස්ථූප (Stupa) හෙවත් දාගැබ්ද (Dagaba) මානව වර්ගයාට මෙරටින් දෙන ලද මහඟු දායද වේ. බෞද්ධ ස්ථූප නිර්මාණයේදී ලංකාවේ ගෘහනිර්මාණ ශිල්පියා දේශියත්වයට ගැලපෙන පරිදි චෛත්‍යය නිර්මාණයට පෙළඹී ඇති බව විද්වතුන්ගේ මතය වේ. සිංහලයන්ගේ විශිෂ්ට හැකියාවන් මෙන්ම මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛා වැනි උතුම් ගුණාංගයන් මෙම චෛත්‍යය නිර්මාණයන් තුළින් පිළිබිඹු වේ. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.
රුවන්වැලි මහාසෑය, අභයගිරිය, ජේතවණාරාමය වැනි මහා ස්ථූප ලෝකයා මවිතයට පත්කරවන්නේ එවා නිර්මාණයේදී, ව්‍යුහාත්මක ලක්ෂණ වලට ඔබ්බෙන් ගිය මානව ගුණ-ධර්ම වල බලපෑමෙන් බව විද්වතුන්ගේ මතයයි.

පූර්ව වර්ෂ 140දී ඉදිකරන ලද උසින් අඩි 300ක් සහ අඩි 950ක විෂ්කම්භයකින් යුක්ත වන රුවන්වැලි මහාසෑය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ-වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි. පූර්ව වර්ෂ 301දී ඉදිකරන ලද අඩි 400 ක් උසින් යුතු ජේතවණාරාමය ලෝකයේ උසම ස්ථූපයයි. ජේතවණාරාමය ඉදිකිරීමට දළ වශයෙන් පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇති බව ඉංජිනේරුවන්ගේ මතයයි. පුරාණ ලෝකයේ ‘ගීසා’ හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට ලෝකයේ 3 වැනි විශාලතම ඉදි කිරීම,ජේතවණාරාමයයි.

තවද ජපානයේ ටොකියො නුවර 1968දී ඉදිවුන අඩි512ක් උසැති කසුමිගසෙකි ගොඩනැගිල්ල ඉදිවන තෙක් ආසියාවෙ (South Korea yonging hera) උසම ගොඩනැඉල්ල ලෙස සැලකිය හැක්කේ ඊට වසර 2108 කට පෙර පූර්ව වර්ෂ 301 දී ඉදිකරන ලද ජේතවන මහා දාගැබයි. තවද, මිරිසවැටිය, රුවන්වැලි මහාසෑය, අභයගිරිය, ජේතවණාරාමය ආදී සෑම ස්ථූපයක්ම ශතවර්ෂ ගණනාවක් යනතුරු එවක ලෝකයෙ උසම ගොඩනැගිලි විය.මෙම මහා ගොඩනැගිලි, ව්‍යුහයන් සහ සංකීර්ණ වාරි පද්ධතියෙන් මොනවට පැහැදිළි වන්නෙ අප සතුවූ විශ්මකර්ම ඉංජිනේරු සහ විද්‍යත්මක දැනුමයි!

“ගඩොලින්, ගලින්, යකඩින් සහ වානේ වලින් පන්නරය ලැබූ අප මහා ශිෂ්ඨාචාරය සිල් සුවඳ මුසු වීමේන් ලෝකා පූජිත වී ඇති බව නොකීවමනාය. වර්ෂ 1750ක් පුරා අප සතුවූ දැවන්ත, ස්ථාවර සහ තිරසර ආර්ථික බලය සහ ඊට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති නොවුණිනම් මෙවැනි සුවිසල් ලෝක පූජිත නිර්මාණ කරමින් වර්ෂ 1750කට අධික කාලයක් අසම-සමව වැජබීමට නොහැකි වනු ඇත (මහාවංශය ඇසුරෙනි).”

Share this :