Thursday, July 25, 2024
Local Newsසමාජ-ආර්ථික

අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම මීනිසා 85 වියෙහිදී මිය යයි.

0

බහිර්-යානා ක්‍රියාකාරකම (ඊවීඒ්) යනු, අභ්‍යාවකාශගාමියෙක් හෝ ගගනගාමියෙක් හෝ විසින් අභ්‍යාවකාශයානයකින් පිටත සහ පෘථිවියෙහි සැලකිය යුතු වායුගෝලයෙන් ඔබ්බෙහි සිදු කෙරෙන ඕනෑම ක්‍රියාකාරකමකි. පෘථිවිය වටා භ්‍රමණය වන ( අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වැනි) යානයකින් පිටත සිදු කෙරෙන අභ්‍යාවකාශ ඇවිදීමක් සඳහා අති බහුල ලෙසින් මෙම පදය භාවිතා කෙරෙයි. 1965, මාර්තු 18 දිනදී, වොස්කොඩ් 2 මෙහෙයුම තුලදී, විනාඩි12ක් සහ තත්පර 9ක කාලසීමාවක් තුලදී කැප්සියුලයෙන් පිටතට පැමිණි ඇලෙක්සි ලියනෝෆ්, අභ්‍යාවකාශ ඇවිදීමක් සිදු කල පළමුවන මිනිසා විය.

ඇලෙක්සි අර්කිපොවිච් ලිනනොෆ් (රුසියානුАлексе́й Архи́пович Лео́нов) (30 1934 මැයි 30 දින සෝවියට් සංගමයේ ටිසුල්ස්කි දිස්ත්‍රික්කයේ ලිස්ට්වියන්කා ගමේ උපත ලද ඔහු සෝවියට් ගගනගාමියෙක් සහ සොවියට් ගුවන් හමුදා ජෙනරාල්වරයෙකි. 1965 මාර්තු 14 වන් දින ඔහු අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම මීනිසා බවට පත්විය.ආතර් සී ක්ලාර්ක් විසින් ලියනලද 2010 විද්‍යා ප්‍රබන්ධ නවකතාවේ එන අභ්‍යාවකාශ යානාව ( “ලියනෝෆ්”) නම් කරන ලද්දේ ද ඔහුගේ නමිනි.

දිගු අසනීප තත්ත්වයකින් පසුව ලියනෝෆ්, 2019 ඔක්තොම්බර් 11 දිනදී මිය ගියේය. ඔහුගේ අවමංගල්‍යය ඔක්තොම්බර් 15 දිනදී පැවැත්වීමට නියමිතය. 85 වියැති වූ ඔහු වොස්කොඩ් වැඩසටහනෙහි සහභාගී වී ‌‌‌නොනැසී ඉතිරිව සිටි අවසන් ගගනගාමියාද විය -විකිපීඩියා වෙතින්

Share this :