Saturday, May 17, 2025
International

අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය තීරු බදු එකඟතාවයක

0

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත්කළ අන්‍යොන්‍ය තීරුබදු දින 90කට අත්හිටුවූවත් එම කාලය ඉකුත්වන්න ඉස්සර අමෙරිකාව සමග තීරුබදු සම්බන්ධයෙන් යම් එකඟතාවකට එන්න රටවල් රැසක් උත්සාහ කරමින් සිටී.

එහිදී එම රටවල් මුහුණදෙන අභියෝග විවිධාකාරයි. කෙසේවුවත් තමන්ගේ සමීපතම මිතුරු රටවලට මෙම තීරුබදු සාකච්ඡාවලදී ප්‍රමුඛත්වයක් ලබාදෙන්න අමෙරිකාව කටයුතු කරයි. එහෙත් එවැනි ප්‍රධාන පෙළේ එකඟතාවක් ඊයේ වනතුරු වාර්තා වුණේ නැහැ. ඒ අතරතුරයි තමන් එවැනි මහා පරිමාණ එකඟතාවක් ප්‍රකාශයට පත්කරන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. එහෙත් ඒ අවස්ථාවේ ඒ විදියට එකඟතාවට එළඹෙන රට ඔහු හෙළිදරව් කළේ නැහැ. එම කුතුහලය අවසන් කරමින් ජනපති ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් අමෙරිකාව හා බ්‍රිතාන්‍යය ඇතිකරගත් එම නව වෙළෙඳ ගිවිසුම ඊයේ ප්‍රකාශයට පත් කළේය…..|තව කියවන්න අද දෙරණ

Share this :