අලුත් අවුරුද්දට වින කරන දේදුනු සංකල්ප පිටු දකිමු
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැළකෙන අලුත් අවුරුද්ද ඒළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක් වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.අවුර් යන නාමය සූර්යයාට යෙදෙයි. අවුරුදු කාලයට ලංකාවට සාපේක්ෂව සූර්යයා ලංකා මහී තලයට මුදුන් වෙයි.යකඩත් හබල පෙතිත් මේ කාලයට උණු වන්නේ යැයි ජන වහරේ පවතින්නේ නිකමට නොවේ.අවුර් නැතිනම් සූර්යා එක කෙළින් මුදුන් වන බැවින් දුරාතීතයේ පටන්ම ලක් වාසී ජනතාව මෙම කාලයට අවුරුදු කාලයයි දක්වති.මේ සිද්ධාන්තයට අමතරව ආසියාතික රටවල සංස්කෘතික සංකලනයක අවස්ථාවන් දක්නට හැක්කේ මේ අවුරුදු කාලය තුළයි.විශේෂයෙන්ම චීනය කොරියාව තායිලන්තය බුරුමය වැනි රටවල් සමග තිබූ දිගු කාලීන සංස්කෘතික බැඳියාව නිසා අලුත් අවුරුදු කාලයේ දී අනුගමනය කරන සිරිත් විරිත් රාශියක් දේශයට ආවේණික ලෙසට හැඩ ගැසී පවතී.ඒ අතර හින්දූන් අතර පැවති ජ්‍යෙතිෂ්‍ය සිද්ධාන්ත යොදා ගැනීමද දැක්විය හැකිය.මහනුවර යුගයේ අවසාන කාලයේ දී මෙරට පාලනය කළ වඩිග රජවරු අනුගමනය කළ චාරිත්‍ර වාරිත්රයන්ද මෙයට එකතු වීම නිසා අතැමෙක් මෙයට හින්දු හෝ දෙමළ අවුරුද්ද යයි කියා සිටිති. එය වැරදි ව්‍යවහාරයකි.දකුණු ඉන්දීය දෙමළ ජනතාවට වෙනමම සංවත්සර කාලයක් ලබා දෙන්නේ ඒ දේශයට සූර්යයා උදාවන කාලය වෙනස් බැවිනි.කෙසේ වෙතත් මෙරටට ආවේණිකව හැඩ ගැසුණු අලුත් අවුරුද්ද සැබවින්ම ජාතික දිනයකි…|තව කියවන්න lankaweb