Tuesday, July 23, 2024
Local Newsසමාජ-ආර්ථික

අහස, පොලව, සයුර ජය ගත් මහා රවණා රාජයා (ii කොටස)

4

ශ්‍රී ලංකාව අගනුවර කර ගෙන (ඉන්දියාවද) මහා භාරතයද ඒ අවට විශාල භුමි ප්‍රමාණයක්ද තම අණසක පතුරුවා ගෙන අහස පොලව සයුර යන තුන් තන් හීම ජය ගෙන අනභිභවනීය ශ්‍රේෂ්ඨ පාලනයක් ගෙන ගිය ශ්‍රී ලංකේෂ්වර රාවණ මහා රජු අපට මුණ ගැසෙන්නේ භාරතයේ පහල වූ වාල්මිකී නම් මහා පඬිවරයා විසින් රචිත රාමායණයවීර කාව්‍ය තුළිනි.මෙහි පළමු කොටස සැප්තැම්බර් 07දින පළ විය. අද පළ වන්නේ එහි දෙවන කොටසයි.

……………………………………….

රාම කුමරුගේ මුවින් පිටවෙන කියමනෙන්ද පැහැදිලි වන්නේ රාවණා මහරජුගේ අසීමිත බලයයි.

ශකුක්‍රකුමු ඛෛර් දෙවොඃ ශ්‍රදයතෙ න පරාජිතඃ-ලොව පරසිදු රාවණා මහා ගුණවතෙකි මහා බලවතෙකි මහත්මා බල සම්පන්න රාවණා ලෝක රවණාඃසක් දෙවි රජුටත් පරදවන්නට නොහැකි වූවෙකි

වෙස් මාරු කරගන්නට,නොපෙනී සිටින්නට, විනාශ වුන අවයවයන් යළි ඇති කරන්නට අදෘශ්‍යමාන බල ශක්තියක් හා අසමාන බලයක් ඔහු සතුව තිබු බවට උදාහරණ ඇත.

ඍෂිවරයෙකුගේ වෙසක් මවා ගෙන සීතා දේවිය රැවට්ටුවේය. සටන් බිමේදී රාම කුමරු රවණා රජුගේ හිස කඳින් වෙන් කළද එය සත්වරක්ම තිබූ පරිදිම සාදාගත් අයුරු විශ්මය ජනකය. සටන් බිමේ පමණක් නොව ඔහු ලෝක ශ්‍රේෂ්ඨයෙකු බව පෙනෙන්නේ වාල්මිකී පඬිවරයා ගැන වර්ණනා කරන චරිතාපදානෙනි. මේ උත්තම පුරුෂයා නිර්මාංශ ජිවිතයක් ගත කළ කෙනෙකි. ස්වභාව සෞන්දර්යට බෙහෙවින් ඇලුම් කළ කෙනෙකි. සිංහලද්වීපයේ බෙහෙත් පැළෑටි, ඖෂධ තෙල් වර්ග පිළිබඳ හොඳින් දැන සිටි කෙනෙකි. තම අගනුවර ලෙස සමනළ අඩවිය තෝරාගන්නට ඇත්තේද ස්වභාවික සුන්දර පරිසරයන්ට ඇලුම් කළ නිසාවෙනි.

රාම කුමරුගේ හී පහරින් නොමැරෙන මේ රාජයා සිහි මුර්ජා වීමෙන් පසුව ගල් ඔරුවක තනා තෙල් බෙහෙත් ගිල්වා පොලව අභ්‍යන්තරයේ උමං මාලිගයක තැම්පත් කර ඇති ඔහු ඔහුගේම මන්ත්‍ර බලයෙන් ජිවත් වන බව එක්තරා පත්‍රිකාවකින් හෙළි කර ඇත. නවීන විද්‍යාව අතින් දියුණු වෙමින් පවතින වත්මන් ලෝකයේ ගුවන් යාන උමං මාර්ග හා මිසයිල දකින අපට සිහිගන්වන්නේ “රවණා ශිෂ්ටාචාරයයි”

රාවණා රජු ගැන එංගලන්තයේ මහාචාර්ය ඩේමියන් ජී රෝච් මහතා මෙසේ පවසයි. විශ්ව ශිෂ්ටාචාරයේ ආදී පුරුෂයා රවණා මහරජුය. රාවණා රජ ගැන අඩුවන් කතා කරන්නේ ශ්‍රී ලාංකිකයන් බව මම දනිමි. රාවණා ගැන වඩා සැළකිලිමත් වී තිබෙන්නේ විදේශිකයන් වූ අපි බව සතුටින් කියමු. රාවණා අමරණීයයි. “හෙලයනි වහාම අවදිවන්න. සොයන්න. බලන්න.”

ඒසා විශාල අධිරාජ්‍යයක් පාලනය කළ නිහතමානිකමෙන්ද ඥානයෙන් ද බලයෙන්ද යුක්ත මේ ලංකෙශ්වරයා කිසිවෙකුට සම කළ නොහැකි දස රථ (දස අවතාර) යන්ගෙන්ද බැබලුණි.

  1. භාෂා ඥානය :-විවිධ භාෂා ව්‍යාකරනාණුකූලව හැසිරවීමේ ඥානය.

  2. නීති ඥානය :- යුක්තිය,සාධාරණය හොදින් වටහා ගැනීම, තීරණ ගැනීමේ ඥානය.

  3. දර්ශන ඥානය:- සියලු ශක්ති උපයෝගී කර ගත් දැකීමක් සහිත ඥානය.

  4. පාලන ඥානය :- දස රාජ ධාර්මයන්ට අනුකුලව ධාර්මික පාලනය පිළිබඳ ඥානය.

  5. තාක්ෂණ ඥානය :- භෞතික විද්‍යාවන් පුර්ණ දැනුමෙන් යුක්ත ඥානය.

  6. ආත්මභාව ඥානය:- ඇසට පෙනෙන නොපෙනෙන සත්වයන් දැකීමේ ඥානය.

  7. ආකාශ ඥානය :- ග්‍රහ කාරක සහ නැකත් පිළිබඳ ඥානය.

  8. වෛද්‍ය ඥානය:- ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ රස විද්‍යාවේ පරතෙරට ගිය ඥානය.

  9. යුධ ඥානය :- අහස,පොළව,සයුර පාලනයෙහි යුද්ධ ශිල්ප දැනුමෙන් පිරිපුන් ඥානය.

  10. කලා ඥානය :- ශිව තාණ්ඩව ස්තෝත්‍ර නැටුම් හා බෙර පද පමණක් නොව සංගීතය පිළිබඳ දනුමෙන් පිරිපුන් ඥානය

මේ ගුණයන්ගෙන් පමණක් නොව ආරෝහපරිනාහ දේහයෙන් හා දුටුවන් වශිකරන අසමාන රුපශ්‍රියකින් ද හෙබි කෙනෙකි. සීතා දේවිය අඳින ලද සිතුවමින් එය සනාථ වේ.

සමන් දේවාල පුරාණයේ විස්තර තුළින් මේ මහා රාවණයන් ගැන තොරතුරු හෙළිවේ. සුදු ඇතෙකු පිට නැගගත් සමන් දෙවියන් ඉදිකටු පානෙන් බැස රාවණා රජුට සටනේදී සහය දැක්වීමට ආ බව කියවේ. සිරි දළදා සෙවන කෘතියේ රවාණා රාජු හා සමන් දෙවියන් අතර සබඳ කම කිය වේ.

රවණා රජුගේ බලසම්පන්නකමක ප්‍රතිඵලයක් හැටියට වෛරෝඩි මැණික් පහළ වීම ගැන කියවේ. සමනළ කන්දට නුදුරින් තිබූ ගිනිකන්දෙන් ලෝදිය ගලා ගෙන ආ විට, ලෝදිය නවතා එය උණු දිය කන්දක් බවට පත් කළේ රවණා මහා රාජෝත්තමයාණන්ය. ගෙව්ඩ මේ අසළින් පහළ වුයේත් මේ නිසා යැයි පැරණි අය දරන මතයකි. එතුමා ලියන ලද පොත්පත් ඇතුළු වටිනා උරුමයන් රැසක් අපට අහිමි වී ඇත. භාවනානුයෝගී ජිවිතයක් ගත කරනින් මනස පුදුමාකාර අන්දමින් දියුණු කරගත් මෙතුමා වසර 5000 කට වරක් ජීවමාන වන බවත් වර්තමානයේ ගෙවී යන්නේ සිහි මුර්ජා වී සිටින අවසාන වසර කිහිපය බව පොත පතේ සඳහන් වේ.

මේ මහා හෙළයා උතුම් ගුණයෙන් හෙබි පිරිපුන් යහපත් ලොවක් ගොඩ නැගීමට වෙර විරිය කළ මහෝත්තමයා දෛවයේ සරදමට හසුවිය. ඈත අතීතයේ පහළවූ අසහාය ශ්‍රේෂ්ඨ නරපතියා ගැන අපේ මතකය අවධි කළොත් එය ලක් ඉතිහාසයට අප කරනු ලබන ගෞරවයක් වේ.

ආශ්‍රිත පත පොත.

ජනප්‍රවාද(ලංකාව.ඉන්දියාව,ඉන්දුනීසියාව), වාල්මිකී පඬිවරයාගේ රාමායණය, අසිරිමත් ඉන්දියාව, සමන් දේවාල පුරාණයදළදා සෙවන, පත්‍රිකා මගින්.

Share this :