Wednesday, July 24, 2024
Local Newsසමාජ-ආර්ථික

අහස, පොලව, සයුර ජය ගත් මහා රවණා රාජයා

3

ශ්‍රී ලංකාව අග නුවර කර ගෙන (ඉන්දියාවද) මහා භාරතයද ඒ අවට විශාල භුමි ප්‍රමාණයක්ද තම අණසක පතුරුවාගෙන අහස පොලව සයුර යන තුන් තන් හිට ජය ගෙන අනභිභවනීය ශ්‍රේෂ්ඨ පාලනයක් ගෙන ගිය ශ්‍රී ලංකේෂ්වර රාවණ මහා රජු අපට මුණ ගැසෙන්නේ භාරතයේ පහල වූ වාල්මිකී නම් මහා පඬිවරයා විසින් රචිත රාමායණයවීර කාව්‍ය තුළිනි.

එම වීර කාව්‍යයෙහි එන කථා නායකයා වන රාම කුමරු සටන් වදින්නේ මේ බල සම්පන්නයා සමගය. රාවණා රජු විසින් තම නැගෙණිය වන සුපර්ණිකාට පවරා තිබු බල ප්‍රදේශයට ඇතුළු වන රාමා සීතා හා ලක්ෂ්මන රාමායණයෙහි දැක්වෙන අන්දමට සුළු වැරැද්දකට ලක්ෂ්මන කුමරු අයගේ නාසය කපා දමා ය විරූපී කිරීමේ හේතුවෙන් කුපිත වන රාවණ මහා රාජු දඬු මොණර වාහනයෙන් අහසින් ගොස් රාම කුමරුගේ කුමරිය වන සීතා බලහත්කාරයෙන් පැහැර ගෙන විත් තමාට කැමති වන තුරු අයව ලංකාද්වීපයේ සිර කර තැබීම නිසා සටන අවිලුණි.

මේ කතාව තුළින් රාවණා මහා රජුගේ අසම සම ශක්තිය ඉස්මතු වි පෙනේ. රවණා රජු ගැන ඓතිහාසික පුරා විද්‍යා සාධක නැතත් සාහිත්‍ය පොත්වල සඳහන් විස්තරද ඒ ඒ රටවල ඇති ජනප්‍රවාදද ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ වලට තබා ඇති නම් වලින්ද එවන් රජෙකු සිටියේ යැයි සීතා ගත හැකිය. විභීෂණ දෙවියන්ගේ කථා පුවතින් ඊට සාක්ෂි දරයි. විභීෂණ කුමරු රාම කුමරුගේ පැත්ත ගැනීම නිසා මිස නැත්නම් කිසිදා සටනේ දි රවණා රජු පැරදවිය නොහැකිය.

ඉන්දුනීසියාවේ බාලි දුපතේ විසූ වනර රාහුගේ සහයෙන් රාම කුමරු රාවණා රජු පැරද වූ බව ඉන්දුනිසියන් වැසියෝ පවසති. ඔවුන් රාම කුමරු සීතා කුමරිය හා ලක්ෂමන කුමරු ඔවුන් දෙවියන් සේ සැලකුණ බව පෙනේ. නමුත් රාවණා රාජු ව යක්ෂාධිපතියෙකු ලෙස ඔවුන් සලකනු ලැබුවෝය. ඉන්දියාවේ මෙවන් ජනප්‍රවාද ඇත. මේවා තුළින් අපට සිතා ගත හැක්කේ රාම රවණා ජීවත්වූ බවත් ඔවින් අතර සටනක් කෙරුණ බවත්ය. ලංකාව තරණය සඳහා පේදුරු තුඩුවේ පාලම ඉදි කළේ මේ වානර සමුහයා යැයි ලංකා ජන කථා වලින් අසන්නට ලැබේ (….මතු සම්බන්ධයි).

Share this :