Friday, May 16, 2025
Local News

ඉදිරි ආර්ථික පිම්මකට මඟ කියන ශ්‍රී ලංකා වියට්නාම් සබඳතාව

0

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සම්බන්ධතා හා තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට එහි ඇති වැදගත්කම සහ ජනපතිවරයාගේ ඉකුත් වියට්නාම සංචාරයෙන් පසුව දෙරටේ සහසම්බන්ධතා වැඩිදියුණු වීමට කරුණු යෙදුණු අන්දම ආදී කරුණු පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා ඒකකයෙහි සහකාර කථිකාචාර්ය අංජලී තෙන්නකෝන් මහත්මිය සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණ.

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර පසුගිය දශක පහක කාලය තුළ ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇත. එතුළ සංස්කෘතික හුවමාරුව හා භූ දේශපාලනික සහයෝගිතාව ද ශක්තිමත් වී තිබේ. මෙම ආසියානු රටවල් දෙක අතර සම්බන්ධතාව අද වන විට ඉන්දු පැසිෆික් ස්ථාවරත්වය සඳහා වැදගත් සාධකයක් බවට පත්ව ඇත. ඉන්දියානු සාගරය සහ දකුණු චීන මුහුද යන කලාප දෙකෙහිම පිහිටා ඇති රටවල් ලෙස, ශ්‍රී ලංකාව සහ වියට්නාමය, සාගර ආරක්ෂක සහයෝගිතාව, නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සහ සාගර පරිසරය සුරැකීම ආදිය සඳහා හවුල් වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මෙලෙස පවතින ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ෂ 1970 දී ආරම්භ විය. ඒ අතරින් අවුරුදු පනහකට වැඩි කාලයකට පසු අද වන විට දෙරට අතර ව්‍යාපාර, කෘෂිකර්මය, අධ්‍යාපනය සහ සංචාරක ක්ෂේත්‍රයන්හි යහපත් සහයෝගිතාවක් ව්‍යාප්ත වී ඇත…..|තව කියවන්න දිනමිණ

Share this :