ඉන්දියානු කලාපයේ දේශපාලන ගැටුම්වලට මැදිහත් නොවන බව රජය පවසයි
ඉන්දියානු සාගරයේ භූ දේශපාලන ගැටුම්වලට මැදිහත් නොවන බව කැබිනට් ප්‍රකාශක, ඇමති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී හෙතෙම මේ බව සඳහන් කළේය.
ස්වෛරීයභාවය ආරක්ෂා කරගනිමින් නොබැඳි පිළිවෙත අනුව කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය. රටකට විරුද්ධව කටයුතු කිරීමට මෙරට භූමිය, ජල තීරය හෝ ගුවන් සීමා භාවිත කිරීමට ඉඩ නොදෙන ස්ථාවරයේ රජය සිටින බව ද ඔහු සඳහන් කළේය…..|තව කියවන්න CRI online