Thursday, July 25, 2024
Local Newsසමාජ-ආර්ථික

ඉස්ලාමීය අන්තවාදයහි එක් ස්වරූපයක්-දේශපාලන ඉලක්ක සපුරාගැනීම !

1
ඉස්ලාමීය අන්තවාදය යනු ආගමික ත්‍රස්තවාදයෙහි එක් ස්වරූපයක් වන අතර, මුස්ලිම්වරු විසින් විවිධ දේශපාලන ඉලක්ක සපුරාගැනීම සඳහා ආගමෙහි නාමය භාවිතා කරමින් මෙය සිදුකරති. ඉස්ලාමීය ත්‍රස්තවාදය සිදුවී ඇත්තේ මැද පෙරදිග, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය, අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, දකුණු ඇමරිකාව, සහ උතුරු ඇමරිකාව යන පෙදෙස් වලය. එසේම වර්තමානයේ ශ්‍රී ලංකාවට ද මෙය පැතිර තිබේ. මරාගෙන මැරෙන ප්‍රහාර, කොල්ලකෑම්, පැහැර ගෙන යෑම් සහ අන්තර්ජාලය ඔස්සේ නව සාමාජිකයන් බඳවාගැනුම ආදිය අඩංගු ප්‍රයෝගයන් රැසක් මෙම ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන විසින් භාවිතා කරන බව දන්නා කරුණකි.
ජිහාද් යනු කුමක්ද?
ඉස්ලාමිය නීතිය අනුව ජිහාද් සාමාන්‍යයෙන් ගැනෙනුයේ ඉස්ලාමික රාජ්‍යය බේරා ගැනීම හෝ පුළුල් කිරීමේදී මුස්ලිම් නොවන සටන්කරුවන් වෙත දක්‍වන යුදමය ආයාසයයි. ජිහාද් යනු ඉස්ලාම් දහම තුළ සිදු කළ හැකි එකම යුද්ධයයි. මෙය විප්ලවකරුවන්, ප්‍රචණ්ඩ කණ්ඩායම් හෝ ඉස්ලාමීය නොවන අනෙකුත් නායකයන්ට හෝ ඉස්ලාමීය අධිකාරීන්ට යටත් නොවන රාජ්‍ය වලට විරුද්ධව දියත් කළ හැකිය.
ජිහාද් සහ ත්‍රස්තවාදය යන මාතෘකාව අධ්‍යයනය කිරීමට නම් ජිහාද් යන පදය එහි සියලූම දෘෂ්ටිකෝණයෙන් විමසා බැලිය යුතුය. එමෙන්ම ත්‍රස්තවාදය යන පදය ද සියලූම දෘෂ්ටිකෝණයෙන් විමසා ජිහාද් යන පදය සමග සසඳා බැලිය යුතුය. එවිටය, ජිහාද් සහ ත්‍රස්තවාදය දෙක යහමින් අවබෝධ කර ගත හැකි වන්නේ. ඒ අදහස්වල එකිනෙකට අන්‍යෝන්‍ය සබැඳියාවක් තිඛෙන නමුත් පරස්පරතා දක්නට නොලැබේ. ජිහාද් යන්නෙහි අවසානය නම්,  ඉස්ලාමීය සීමාව තුළ සිට සටන් කිරීම සහ උත්සාහයේ නියැලීමය.
–විකී පීඩියා ඇසුරෙනි
Share this :