Thursday, July 25, 2024
Local Newsසමාජ-ආර්ථික

උඩරට ගිවිසුමෙහි ඔබට නොපෙනෙන කරුණු

1

සුප්‍රසිද්ධ උඩරට ගිවිසුම සහ එම සිද්ධි දාමය මතු පිටින් සහ සරලව බලන බොහෝ දෙනා ඉදිරිපත් කරන මතය වන්නේ උඩරට රදළයන් විසින් සිංහලේ රාජ්‍ය ඉංග්‍රීසින්ට පවා දුන් බවය. එහෙත් කන්ද උඩරට රාජ්‍යයෙහි විකාශනය සිංහලයන්ට රජ කිරුළ අහිමි වීම නායක්කාර වංශික වඩුග රජවරුන් සිංහලේ රජ කිරුළ හිමි කර ගැනීම, හින්දු සහ බමුණු මත වාද උඩරට තුළ ව්‍යාප්ත වීම, නායක්කාර රජු නාමික බෞද්ධයෙකු පමණක් වීම යනාදී කරුණු ගැඹුරින් විග්‍රහ කරන කල්හි උඩරට අධිපතීන්ට එවකට පැවති හොඳම විසදුම වූයේ හැකි ඉක්මනින් අසිංහල අබෞද්ධ ආධිපත්‍ය හා මත වාදයන් සිංහල භූමියෙන් ඉවත් කිරීම සඳහා ඉංග්‍රීසින් සමඟ ගිවිසුමකට එළඹීමයි.

Share this :