Thursday, July 25, 2024
Local Newsආර්ථික

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන:ජනාධිපති

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ඉරණයිමඩු නෙළුම් පියස ශාලාවේ දී පැවැත්විණි. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1700ක් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානයට එක් විය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රට සහලින් ස්වයංපෝෂිත කරන වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් අයිතිය ලබාදීමට හැකිවීම රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ අලුත් කෘෂිකර්මාන්තයක් රට තුළ නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු වීම එම වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ඉවහල් වනු ඇති බවද සඳහන් කළේය|තව කියන්න sinhala.news.lk

Share this :