Tuesday, July 23, 2024
Local Newsආරක්ෂක

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව මණ්ඩපයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටුවීමේ කටයුතු සිදු කෙරේ

0

ආරක්‍ෂක අමාත්‍යාංශය|කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව මණ්ඩපයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටුවීමේ කටයුතු සිදුකරමින් සිටින බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (ජුලි 28) යළි අවධාරණය කළේය. මෙතුලින් අපගේ සිසුපරපුරට ගෝලීය මට්ටමේ, කාලානුරූපී සහ විනයගරුක අධ්‍යාපනයක් මෙන්ම රැකියා සුරක්‍ෂිතාවන් සමඟින් අසමසම අත්දැකීමක් අත්විඳීමට අවස්ථාවන් සැලසෙන බව සූරියවැව පිහිටි ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ පැවති උත්සවයක් අමතමින් ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය. දක්‍ෂිණ මණ්ඩපයට ඇත්තේ වසර අටක කෙටි ඉතිහාසයක් වුවද, එය තුලින් අප ජාතියට ඇති කළ වෙනස සුවිශේෂී බව ජෙනරල් ගුණරත්න පැවසූවේ මෙම මණ්ඩපයට ඔහු මීට පෙර සිදුකල සංචාරය සිහිපත් කරමිනි. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය දක්‍ෂිණ මණ්ඩපයෙහි අභිනවයෙන් ඉදිකරන ලද කෙඩෙට් නිලධාරි නිවස්නය, කාන්තා සහ පිරිමි කෙඩෙට් නිලධාරි නේවාසිකාගාර සංකීර්ණයන් විවෘත කිරීම, පර්යේෂණ සංග්‍රහයක් |තව කියන්න

Share this :