Thursday, July 25, 2024
Local Newsසමාජ-ආර්ථික

කොළඹ පිටත E02 වටරවුම අධිවේගී මාර්ගය

0

කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය ශ්‍රී ලංකාව තුල කොළඹ වටා ඉදි කරමින් පවතින අධිවේගී මාර්ගයයි. 29 km (18 mi) දගැති මාර්ගය කොළඹ–මාතර අධිවේගී මාර්ගය , කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සහ අපේක්ෂිත කොළඹ – කුරුණෑගල අධිවේගී මාර්ගය සමග කක්ෂීය ලෙස සම්බන්ධ කර, රථ වාහන වලට කොළඹ නගරය මග හරිමින් ගමන් කිරීමටත් එමගින් කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කිරීමටත් හැකිවන පරිදි ඉදි කිරීමට නියමිතය. වයාපෘතිය ජපාන ජාතයන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) මගින් සිදු කරනු ලැබේ

2009 ඔක්තොම්බර් මස ඉදිකිරීම් ඇරඹි අතර වසර තුන හමාරක් තුල ඉදි කිරීම් නිම කිරීමට නියමිතය. “AA” වර්ගයේ මාර්ග සදහා අධිවේගය අන්තර්පිවිසුම් මගින් සම්බන්ධ කිරීමට අපේක්ෂිතය. අධිවේගයේ උපරිම වේගය 80 km/h වන අතර මාර්ගය මං තීරු 4ක් සහිතව සෑදීමටත් අවශ්‍ය වූ විට එය මං තීරු 6 දක්වා වැඩි කිරීමටත් හැකි වන පරිදි මාර්ගය සැකසේ—විකිපීඩියා වෙතින්

Share this :