Wednesday, June 18, 2025
Local News

කෝප් එකෙන් දූෂිතයන්ට නඩු

0

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.

මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉතිහාසයේ පළමු වතාවට වෙන වෙනම ලිපිගොනු සකස් කිරීමට පියවර ගන්නා බව සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේය.

නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පහසු කෙරෙන ආකාරයට සියලුම සාක්ෂි ඇතුළත්ව එම ලිපිගොනු සකස් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ හෙතෙම එලෙස ලිපි ගොනු සකස් කිරීමට ඉදිරියේදී නීති නිලධාරියකු පත් කර ගන්නා බවද ප්‍රකාශ කළේය..…|තව කියවන්න ලංකාදීප

Share this :