Monday, July 22, 2024
Local Newsරාජ්‍ය විචාරය

ග්‍රාම නිලධාරීන් ශක්තිමත් කරමින් ගම් මට්ටමින් ඩිජිටල්කරණ වැඩසටහන වේගවත් කරන්න-අගමැති

1

රජය නියෝජනය කරමින් ගම තුල රාජකාරී කරන ප්‍රදානම නිලධාරීයා ග්‍රාම නිලධාරීවරයා බැවින් ඔහුව ශක්තිමත් කිරීමට අමාත්‍යංශයක් ලෙස කඩිනම් ක්‍රියා මාර්ග ගත යුතු බව රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය,අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.රජයක් ලෙස රාජ්‍ය සේවය නව්‍යකරණය කිරීම කෙරේ දැඩි අවධානයක් යොමුව ඇති මේ මොහොතේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් ඩිජිටල්කරණ වැඩසටහන හඳුන්වා දීමට වහා පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා මේ වන විට මේ හා සම්බන්ධ කටයුතු යම් පමනකට සිදු වන කලුතර දිස්ත්‍රික්කය පදනම් කොට ගෙන මෙම වැඩසටහන ක්‍රියාවට නන්වන්යැයිද උපදෙස් ලබා දෙන ලදි.අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ 24දා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී අදාල අංශ ප්‍රදානීන් හා පැවති සාකච්ඡාවක දීය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ අස්වැසුම වැඩසටහන වඩා නිවැරදිව සිදුකිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට නිසි බලය පැවරීමක් සිදුකල යුතුව ඇති බවයි. පළාත් පාලන ආයතන වලට ලැබිය යුතු මුද්දර ගාස්තු නිසි පරිදි ලැබෙනවාද යන්න පිළිබඳව ආමත්‍යංශයක් ලෙස පවතින සීමාවෙන් ඔබ්බට සිතා කටයුතු කල යුතු බව සඳහන් කල අග්‍රාමාත්‍යවරයා 341 ක් වන පළාත් පාලන ආයතන වල වරිපනම් ගාස්තු ක්‍රමවේදයේ සංශෝධනයක් විය යතු බවද පැවසීය.යෝජිත ඩිජිටල්කරණ වැඩසටහන පළාත් පාලන ආයතන වලටද කඩිනමින් ආදේශ කරගැනීමට පියවර ගන්නැයි අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි|තව කියන්න

Share this :