Wednesday, July 24, 2024
Local Newsරාජ්‍ය විචාරය

ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙනවා

0

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසු ජනාධිපතිවරයා ” උරුමය “වැඩසටහන මගින් ලබාදෙන සින්නක්කර ඔප්පු සුරක්ෂිතව ඊළඟ පරම්පරාවට භාවිතා කිරීමට හැකි වන ආකාරයෙන් තබා ගන්නා ලෙසද ඔප්පුලාභීන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “උරුමය ” වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද  යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමින්. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1286ක් ජනතාවට ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් වුණා.  |තව කියන්න ITN

Share this :