ජනාධිපති වෙනුවෙන් සීඅයිඩීයට පැමිණිලි කළේ රජ කාලේ නීතියකින්…. වරදකරු වුණොත් සිරදඬුවමක්
ජනාධිපති අනුර කුමාර දිසානායකට අවමානයක් ඇතිවන පරිදි ප්‍රකාශයක් කළැයි කියන, ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු වැඩබලන ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට විරුද්ධව ක්‍රියාකරන්නැයි ඉල්ලමින් මැයි 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ (2021 අංක 5 දරන පනතෙන් සංශෝධිත) දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය අනුව බව නීතිඥ අමිල එගොඩමහවත්ත කියයි. ඔහු මේ බව පැවසුවේ, සිය යූටියුබ් නාලිකාවට කරන ප්‍රකාශයක් හරහාය.
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යනු, ලංකාව ඉංග්‍රීසි යටත්විජිතයක්ව තිබුණු කාලයේ ඊට ඇතුළත් කරන ලදුව, තවමත් පවත්වාගෙන එන දණ්ඩන වගන්තියකි. එයින් කියැවෙන්නේ, වචනයෙන් හෝ සංඥාවලින් හෝ නිරූපණවලින් ලංකාණ්ඩුවට විරුද්ධත්වය දක්වන හැඟීම් ඇවිස්සීම, ඇවිස්සීමට තැත් කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීමේදී වෛරයක් හෝ අගෞරවයක් ඇති කරවීම, ඇතිකරවීමට තැත් කිරීම, නීතියෙන් නොවන අන් ක්‍රමවලින්, පිහිටුවනු ලැබූ යමක් වෙනස්කරවීමට ලංකාණ්ඩුවේ වැසියන් උනන්දු කරවීම, ලංකාණ්ඩුවේ වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇතිකරවීම, වැසියන් අතර සතුරු- අසමගි හැඟීම් වැඩිදියුණු කිරීමට තැත් කරවීම යනාදි වරදක් කිසිවකු කළොත් අවුරුදු දෙකක් දක්වා කාලයක් ලිහිල් වැඩ ඇති සිරදඬුවමක් දිය හැකි බවයි…..|තව කියවන්න අනිද්දා