තම රටේ ස්වාධිපත්‍යය අලෙවි කළ නොහැක්කක්–මෙක්සිකෝ ජනපතිනිය
මත්ද්‍රව්‍ය මර්දනයට සහාය වීම සඳහා ඇමරිකානු හමුදාව මෙක්සිකෝවට යැවීම පිළිබඳ ඇමරිකානු ජනපතිගේ යෝජනාව තමා ප්‍රතික්ෂේප කළ බව මෙක්සිකෝ ජනාධිපති Claudia Sheinbaum Pardo මහත්මිය තහවුරු කරයි.
Claudia Sheinbaum Pardo ජනාධිපතිනිය ඊයේ(3) මෙක්සිකෝ නුවර ආසන්නයේ පිහිටි විශ්වවිද්‍යාලයක වැඩසටහනකට එක්වෙමින් මේ බව පැවසුවාය. ට්‍රම්ප් ජනාධිපතිවරයා තමා සමග සිදු කළ ඇමතුමකදී මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය මර්දනයට සහාය වීමට ඇමරිකානු හමුදාව යොමු කිරීමට යෝජනා කළ බව ඇය හෙළි කළාය. එහිදී තමා පැහැදිලිවම එවැනි කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සෘජුව ප්‍රකාශ කළ බව ඇය පැවසුවාය. රටේ භූමිය විනාශ කළ නොහැකි අතර ස්වාධිපත්‍යය ද කිසිවිටක අලෙවි කළ නොහැකි යැයි තමා දැඩිව අවධාරණය කළ බව ඇය සඳහන් කළාය…..|තව කියවන්න CRI online