Tuesday, July 23, 2024
Internationalවිදෙස්

තීරුබදු අයුතු ලෙස පැනවීමෙන් ඇමරිකාව පීඩනයට ලක් වනවා මිස චීන සංවර්ධනයට බාධා කළ නොහැකිය

0

ඇමරිකානු රජය පසුගිය 14 වැනිදා චීන වෙළඳ භාණ්ඩ සඳහා නව තීරුබදු පැනවීම ප්‍රකාශයට පත් කිරීම, ජාත්‍යන්තර ජනමතයේ සැකයට හා විවේචනයට ලක් වේ. ඇමරිකාව ආර්ථික හා වෙළඳ ප්‍රශ්න අඛණ්ඩව දේශපාලනීකරණය කරන අතර චීනය හා ඇමරිකාව අතර සාමාන්‍ය ආර්ථික හා වෙළඳ හුවමාරුව කඩාකප්පල් කිරීම, අදාළ කර්මාන්තවල දියුණුවට හිතකර නොවන බව විවිධ මාධ්‍යයන් විශ්වාස කරයි.

බොහෝ සීමා කිරීම් හේතුවෙන්, චීන විදුලි වාහන, ලිතියම් බැටරි සහ චිප්ස් මීට පෙර ද මහා පරිමාණයෙන් ඇමරිකානු වෙළඳපොළට ඇතුළු වී නොමැත. දැනට, විදුලි වාහන, වෛද්‍ය සැපයුම් සහ අර්ධ සන්නායක නිෂ්පාදන, ඇමරිකාවට චීනයේ සමස්ත අපනයනයෙන් 5.9%ක් පමණක් වන අතර එය චීනයේ සමස්ත අපනයනයෙන් 1%කට වඩා අඩු යැයි අදාළ දත්තවලින් පෙන්වා දී තිබේ. 2023 දී චීනයේ සිට ඇමරිකාවට අපනයනය කෙ‍රුණු විදුලි වාහන සංඛ්‍යාව 10000 කට මදක් වැඩිය. එය චීනයේ මුළු අපනයනයෙන් 1% කට වඩා අඩු ප්‍රමාණයක් වේ|තව කියන්න CRI

Share this :