Wednesday, June 18, 2025
foreign View

තීරුබදු ප්‍රශ්නය ආර්ථිකමය නොව දේශපාලන අර්බුදයක් ලෙස සලකා විසඳුම් සෙවිය යුතුයි

0

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය ලෝකයට ඉතාම හානිකර බවත් එය රෝග ලක්ෂණයක් මිස රෝග නිධානය නොවන අතර ඊට විසඳුම් සෙවීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය පවිත්‍රා ජයවර්ධන මහත්මිය පැවසුවාය.

ලෝකයේ ප්‍රධාන බලවතා ලෙස තමන්ව හඳුන්වා ගන්නා රාජ්‍ය මේ ආකාරයෙන් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට හේතුව එරට විදේශ ප්‍රතිපත්තිය නොව ඇමරිකානු අභ්‍යන්තර ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් හේතුවෙන් බව ඔවුන් පෙන්වා දෙයි. ඇමරිකානු ජනතාව මේ වන විටත් විශාල ආර්ථික අර්බුදයන් රැසකට මුහුණ දී සිටී. ට්‍රම්ප් ජනාධිපති ලෙස පත් වන්නේ ද එම ආර්ථික අර්බුදයට ඇති එකම විසඳුම ලෙස එම අවස්ථාවේ ජනතාව විශ්වාස කළ බැවිනි. එවැනි අර්බුදයක් නොතිබෙන්නට එරට ජනතාව ට්‍රම්ප් තෝරා නොගැනීමට බොහෝ දුරට ඉඩ තිබිණ. තීරුබදු සාධාරණීකරණය කරන ට්‍රම්ප් සඳහන් කරන්නේ එය ඇමරිකානු ආරක්ෂණවාදී පියවරක් බවයි. නමුත් මේ ඔස්සේ ශ්‍රී ලංකාව වැනි රටවලට සිදු වන බලපෑම සුළුපටු නොවන බව ද ඇය කියා සිටී..…|තව කියවන්න China Radio International (CRI)

Share this :