Saturday, May 17, 2025
Local News

දරුවන් සම්බන්ධ සිදුවීම් කිසි විටෙකත් දේශපාලනික නොකරගත යුතුයි – අග්‍රාමාත්‍ය

0

දරුවන් සමබන්ධව සිදුවන අපරාධ සහ සිදුවීම් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේ දී වගකීමෙන් කටයුතු කළ යුතු බවත් එවන් සිදුවීම් කිසිවිටෙකත් දේශපාලන අවස්ථාවන් කර නොගත යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මැයි 09වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.

කොටහේන ප්‍රදේශයේ පාසල් දැරියක් සියදිවි නසා ගැනීමේ සිදුවීම හා සම්බන්ධව අග්‍රාමාත්‍යවරිය විසින් මෙම අදහස් ප්‍රකාශ කරන ලදී. දරුවකු සිය දිවි නසා ගැනීමට අදහස් කිරීම සමාජයක් ලෙස අප සියල්ලන් ම අසමත් වූ අවස්ථාවක් බවත් මෙවැනි සිදුවීම් කිසිසේත්ම නැවත් සිදු නොවිය යුතු බවත් මේ මොහොතේ කොටහේන දැරිය සමබන්ධ සිදුවීමට අදාළ සියලු පාර්ශවයන් මූලික කරගනිමින් විමර්ශන කටයුතු සිදු කෙරෙන බවත් අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී…..|තව කියවන්න news.lk

Share this :