Wednesday, July 24, 2024
Local Newsවිද්‍යාත්මක

දහවල හා රාත්‍රිය සදාකාලික, පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු පිටසක්වළ ග්‍රහලොවක් සොයා ගැනේ

0

අපගේ හිරු මෙන් සිය ගුණයක පැවැතුම් කාලයක් ඇතැ යි උපකල්පනය කෙරෙන, ප්‍රමාණයෙන් කුඩා තාරකාවක් වටා ගමන් කරන පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු නව පිටසක්වළ ග්‍රහලොවක් සොයාගැනීමට තාරක‍ා විද්‍යාඥයන් සමත් ව සිටිනවා. Speculoos-3b ලෙස නම් කර ඇති මේ නව පාෂාණමය ග්‍රහලොව පිහිටන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 55ක් ඈතින්. අපගේ සූර්යයාගේ උෂ්ණත්වය මෙන් අඩක උෂ්ණත්වයකින් හා සිය ගුණයකින් අඩු දීප්තියකින් ද යුතු වන සිසිල් රතු වාමන තාරකාවක් මේ ග්‍රහලොවේ මව් තාරකාව වනවා. විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇති පරිදි Speculoos-3b සෑම පෘථිවි පැය 17කට වරක් සිය මව් තාරකාව වටා එක් වටයක් සම්පූර්ණ කරනවා. එනම් එම ග්‍රහලොව මත එක් වසරක් පෘථිවි දින 17කින් සම්පූර්ණ වනවා|තව කියන්න විදුසර

Share this :