දෙකයි පනහෙ කට්ටිය මිලියනය වුණා
දෙකයි පනහේ කට්ටිය යැයි කියූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මිලියනයේ කණ්ඩායම දක්වා වර්ධනය වී ඇති බවත් අලුත් ප්‍රතිඵලයත් සමග අලුත් ගමනක් යෑමට සිය පක්ෂය සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඊයේ (07දා) කොළඹ නෙළුම් මාවතේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
සිය පාක්ෂිකයන් පොදුජන පෙරමුණෙන් ඈත් කිරීමට ආණ්ඩුව අසීමිත ලෙස බොරු කියූ බවත් එවන් අභියෝගාත්මක තත්ත්වයක් හමුවේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ඡන්ද දායකයන්ට සහ ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට ස්තුතිය පුද කරන බවත් සඳහන් කළ නාමල් රාජපක්ෂ මහතා නව යුගයට ගැළපෙන ලෙස නවීකරණය වෙමින් ද පක්ෂයේ සාරගර්භ ප්‍රතිපත්ති ආරක්ෂා කරගනිමින් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියටම ගමන් කරන බව සඳහන් කළේය…..|තව කියවන්න දිවයින