Friday, May 16, 2025
International

ඉතිහාසය සිහිතබා ගනිමින් බල දේශපාලනය හා දාමරිකත්වයන් ප්‍රතික්ෂේප කළ යුතුයි- චීනය

0

දෙවන ලෝක යුද්ධයේ වින්දිතයන් සියලු දෙනා සිහිපත් කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය විශේෂ ‍ගෞරවාන්විත රැස්වීමක් පවත්වයි. ජගත් ප්‍රජාව දෙවන ලෝක යුද්ධය නිමවී වසර 80ක් සපිරීම සනිටුහන් කරන අවස්ථාවේ ඊයේ (7) එම රැස්වීම පැවැත්විණ.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා චීනය දෙවන ලෝක යුද්ධයේ නැගෙනහිර විධානයේ ජයග්‍රහණය හිමිකර ගත් ප්‍රධාන පාර්ශ්වය බව සඳහන් කළ අතර ගෝලීය ෆැසිස්ට්වාදයට එරෙහි ජය්‍රගහණයේ චීනයේ කාර්යභාරය ද හෙතෙම අවධාරණය කළේය. ජපාන සටන්කාමීත්වයේ ප්‍රධාන බලවේගයන් පසුබස්වමින් චීනය තම රටේ සුරක්ෂිත බව සහතික කිරීමට සමත් වීම පමණක් නොව යුරෝපයේ හා පැසිෆික් කලාපයේ ප්‍රති ෆැසිස්‍‍ට් යුද්ධයේ  ජයග්‍රහණය වෙනුවෙන් අමිල දායකත්වයක් ලබා දුන් බවද හෙතෙම පැවසීය…..|තව කියවන්න CRI online

Share this :