Thursday, July 25, 2024
Local Newsආගමික

නව තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණ දීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් තිබෙනවා

0

විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එබැවින් ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (23) පෙරවරුවේ මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගිවීමට නියමිතව තිබුණද, අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගි නොවූ අතර විද්‍යුත් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය වෙසක් උත්සවය සමඟ සම්බන්ධ වෙමින් සියලු බෞද්ධ ජනතාව වෙත සුබ වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කළේය|තව කියන්න News.lk

Share this :