Wednesday, July 24, 2024
Local Newsසමාජ-ආර්ථික

පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසූ  සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාව

0

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්‍ය බව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට භාරදුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසූ  සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවේ සදහන් වේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භයේ රැදී සිටින කිසිදු අවස්ථාවක මුව ආවරණ ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම සිදු නොකළ යුතු බවද මාර්ගෝපදේශවල සදහන් වේ.

මාර්ගෝපදේශයන්ට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් 225 දෙනාටම පාර්ලිමේන්තු රැස්වීමේදී සභා ගර්භයේ සෞඛ්‍ය ආරක්ෂිතව අසුන් ගත හැකිවන නමුත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ තමාට වෙන් කර තිබෙන ආසන වල පමණක් අසුන් ගැනීම අනිවාර්‍ය වන අතර සභා ගර්භය තුළ රැදී සිටින සෑම අවස්ථාවකම මීටරයක දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ  යුතුය.

සභා ගර්භයේ රැදී සිටින සියලුම නිලධාරින් හා පාර්ලිමේන්තු කාර්ය  මණ්ඩල සාමාජිකයන් මෙන්ම ගැලරියන්හි සිටින සියලුම පාර්ශවයන් ද මුව ආවරණ පැළද සිටිය යුතු බව මාර්ගෝපදේශවල සඳහන්ව ඇත–පාර්ලිමේන්තු ආරංචි මාර්ග

Share this :