Saturday, May 17, 2025
Local News

පෞද්. පරිහරණයට යොදාගත් රජයේ ඉඩම් සං. ව්‍යාපෘතිවලට ගන්නවා – නි.ඇමති රුවන්

0

පෞද්ගලික පරිහරණය සඳහා ලබාගෙන ඇති රජයේ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා නැවත පවරාගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා . පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ .

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට (එල්.ආර්.සී.) අයත් ඉඩම් ලබාදීම මේ වනවිට නතර කර ඇති අතර එසේ අයථා අන්දමින් ලබාගත් ඉඩම් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවද පැවසුවා. විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණයක් ඇති ප්‍රදේශවල ඉඩම් සහ ආර්ථික කටයුතුවලට දායකවන ඉඩම් බොහොමයක් හිටපු දේශපාලඥයින් බෙදාගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ…..|තව කියවන්න ITN ප්‍රවෘත්ති

Share this :