Tuesday, July 23, 2024
Local Newsදේශපාලන

බංගලාදේශයේ චිතගොං කඳුකර ප්‍රදේශ වාසි ආදි බෞද්ධයන්, ඉස්ලාමීය හිංසනවල නවතම ගොදුරු බවට පත්වේ!

7

බුදුන් වහන්සේ සිය ජීවිතයේ එක් වරක් නැගෙනහිර බෙංගාලයේ චිතගොං ප්‍රදේශයට පැමිණ තම ඉගැන්වීම් පතුරුවා හැරීමට සමත් වූ අතර ප්‍රදේශවාසීන් සම්‍යග්දෘෂ්ටියේ පිහිටු වීමට සමත් වුනු බව ජනප්‍රවාද වල පවතී. පුරාණ බෙංගාලය, බෞද්ධ ඉගෙනීමේ හා කලාවේ කේන්ද්‍රස්ථානයක් විය. කලාපය පුරා බෞද්ධ කෞතුක වස්තු කැණීම් කර ඇත, විශේෂයෙන් වරි-බතේෂ්වර්, චන්ද්‍රකෙටුගර්, පහාර්පූර්, මහස්තන්ගාර් සහ මයිනමති යන ප්‍රදේශවල බෞද්ධ පුරා ස්ථාන විශාල වශයෙන් හමු වී ඇත.

අශෝක අධිරාජ්‍යයාගේ නායකත්වයෙන් යුත් මෞර්ය අධිරාජ්‍යය ක්‍රි.පූ 2 වන සියවසේදී මෙම බෙංගාලි කලාපයට ව්‍යාප්ත විය. අශෝක අධිරාජ්‍යයා, තම අධිරාජ්‍යය හා පුළුල් පුරාණ ලෝකය තුළ බුද්ධාගම ප්‍රචාරය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. මෞර්ය පාලනයෙන් පසු බෙංගාලයේ බෞද්ධ සමාජය සමුද්‍ර රාජධානිය විසින් පාලනය කරන ලදී.

බුද්ධාගම, වර්තමාන බංග්ලාදේශයේ තුන්වන විශාලතම ආගම වන අතර ජනගහනයෙන් 2% ක් පමණ ථේරවාද බුද්ධාගම අදහති. එසේම, බෞද්ධ ජනගහනයෙන් සියයට 65 කට වැඩි ප්‍රමාණයක් සංකේන්ද්‍රණය වී ඇත්තේ චිතගොං කඳුකර ප්‍රදේශයේ වන අතර, එය චක්මා, මාමා, තන්චන්ග්‍යා, අනෙකුත් ජුම්මා සහ බාරුවා ජනයාගේ ප්‍රධාන ඇදහිල්ලයි. ඉතිරි සියයට 35 බෙංගාලි බෞද්ධ ප්‍රජාවට අයත් අයයි. බංග්ලාදේශයේ නාගරික මධ්‍යස්ථානවලත්, විශේෂයෙන් චිතගොං සහ ඩකාහි ද බෞද්ධ ප්‍රජාවන් විසිරි සිටිති.

චිතගොං කදුකරය යනු දශක ගණනාවක් තිස්සේ සංස්කෘතික, භාෂාමය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට උත්සාහ කරන ආදිවාසී ජුම්මා ජනගහනයේ නිවහනයි. එහෙත්, Unrepresented Nations and Peoples Organization සංවිධානයට අනුව, මෑත වසරවලදී බංග්ලාදේශ බෞද්ධ ප්‍රජාවට එරෙහි ආගමික වෙනස්කම් කිරීම් භයානක ලෙස ඉහළ ගොස් තිබේ. රටේ දුප්පත්ම කලාපවලින් එකක් වන චිතගොං කදුකරවාසී ආදිවාසී බෞද්ධයන් මෙම ආගමික වෙනස්කම් කිරීම්වල නවතම ගොදුර බවට පත්ව ඇත. වාර්තාවලට අනුව, චිතගොං කදුකරවාසී බෞද්ධ ප්‍රජාව, මුස්ලිම් බහුතරයක් සහිත බංග්ලාදේශ අන්තවාදී ක්‍රියා හේතුවෙන් බෞද්ධයින්ගේ ඉඩම් කොල්ල කෑම සහ විශාල වශයෙන් මුස්ලිම් සංක්‍රමණයකට ලක්ව ඇත.

පසුගිය වසරේ (2019) අගෝස්තු මාසයේදී බෞද්ධ භික්ෂුවකගේ උගුර කපා ඇත. මෙය සිදු වූයේ බෞද්ධ භික්ෂුවක් වන පූජ්‍ය අමරිතානන්ද හිමියන් භික්ෂු වීසා ලබා ගැනීම සඳහා ඩකා නුවරට ගිය පසුවය. කෙසේ වෙතත්, උන්වහන්සේ නැවත විහාරයට නොවැඩියේ සහාසික ලෙස උගුර කපා දැමීමෙන් අපවත් වූ නිසාය.

Acknowledge: www.nydailynews.com

Buddhistdoor වාර්තා කරන්නේ, “බංග්ලාදේශයේ බෞද්ධයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් රටේ විවිධ ප්‍රදේශවල මිනිස් දම්වැල් හා විරෝධතා පෙළපාලි පිහිටුවා ගත් අතර, ගිනිකොනදිග බංග්ලාදේශයේ ෆෙනී දිස්ත්‍රික්කයේ ගයනරත්න බෞද්ධ ආරාමයේ උප-මූලධර්මචාර්ය වන පූජ්‍ය අමරිතානන්ද හිමියන්ගේ ඝාතකයින් වහාම අත්අඩංගුවට ගෙන දඩුවම් කරන ලෙස ඉල්ලා සිටියහ”. බංගලාදේශයේ බෞද්ධ ආධාර පදනමේ උප සභාපති පූජ්‍ය බුද්ධනන්ද හිමියන් පෙන්වා දුන්නේ, “බංග්ලාදේශය අනාගමික රටක් බැවින් වත්මන් රජය ද බෞද්ධ ප්‍රජාවට පහරදීම මහත් ශෝකයට කරුණක් වන බවය”

මීට වසර තුනකට පෙර සුන්නි ඉස්ලාම්වාදීන් විසින් වයෝවෘද්ධ බෞද්ධ භික්ෂුවක් තවත් අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳව බීබීසී ය වාර්තා කළේය. “බංග්ලාදේශයේ පොලීසිය පවසන්නේ 75 හැවිරිදි බෞද්ධ භික්ෂුවක් ගිනිකොනදිග බන්ඩර්බන් දිස්ත්‍රික්කයේ දී කපා කොටා මරා දමා ඇති බවයි.” ඇත්ත වශයෙන්ම, එම වසර මුලදීම හින්දු පූජකයෙකු බංග්ලාදේශයේ උතුරු කොටසේ හිස ගසා දමා ඇත. එමනිසා යමෙකුට සිතාගත හැක්කේ මෙම අහිංසකයන් මුහුණ දුන් භීතිය හා වේදනාව පමණි.

ඩකා ට්‍රිබියුන් 2017 දී වාර්තා කළේ, “2017 දී සාපරාදී ක්‍රියා නිසා හින්දු ප්‍රජාවේ පුද්ගලයින් 107 දෙනෙකු මියගොස් 31 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර එය පෙර වසරේ සංඛ්‍යාලේඛනවලට වඩා ඉහළ අගයක් ගන්නා බවය. සමස්තයක් වශයෙන් ගත් කල, බංග්ලාදේශයේ ඉස්ලාම්වාදීන් සහ සාමාන්‍ය මුස්ලිම්වරු ඉලක්ක කරන්නේ බෞද්ධයන්, හින්දු සහ වෙනත් ආගමික සුළුතරයන් බව පැහැදිලිය.

ඇත්ත වශයෙන්ම, එක් එක් සිද්ධිය එකිනෙකට වෙනස් වේ. නිදසුනක් වශයෙන්, කුරිරු සුන්නි තක්ෆිරි ඉස්ලාමීය දෘෂ්ටිවාදයක් අනුගමනය කරන ඉස්ලාම්වාදීන් බෞද්ධ භික්ෂූන් සහ හින්දු පූජකයන් මරා දමති. වෙනත් පහරදීම් පදනම් වී ඇත්තේ හදීස් සහ ෂරියා ඉස්ලාමීය නීතියට අනුව “ඉස්ලාම් නොඇදහිලිවන්තයන්” පහත් යැයි සැලකීම මතය. ඒ හා සමානව, චිතගොං කඳුකරයේ ප්‍රධාන වශයෙන් ආදිවාසී බෞද්ධයන් (සමහරු ක්‍රිස්තියානි ධර්මය, හින්දු හා වෙනත් ආගම් අනුගමනය කරති) නිමක් නැති බෙංගාලි මුස්ලිම් ආක්‍රමණයට සහ මුස්ලිම් නොවන අයට එරෙහිව ඉඩම් අත්පත් කර ගැනීමට ගොදුරුව සිටිති.

එබැවින්, ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රධාන වශයෙන් බාහිර ලෝකයෙන් සැඟවී ඇති මුස්ලිම් නොවන අය ඉලක්ක කර ගත් නිමක් නොමැති ඝාතන, ස්ත්‍රී දූෂණ, දේපළ සොරකම්, මුස්ලිම් නොවන ශුද්ධ ස්ථානවලට එරෙහි ප්‍රහාර සහ වෙනත් අනතුරු ගැන කතා කිරීම හා හෙළා දැකිය යුතුය.

මූලාශ්‍ර: https://unpo.org/article/21682

Share this :