Wednesday, July 24, 2024
Local Newsසමාජ-ආර්ථික

වසංගත හා විපත්: බෞද්ධ කළමනාකරණය සහ කොවිඩ් -19

2

වසංගත හා ස්වාභාවික විපත්

බුදු දහමේ වාර්තා වී ඇති පරිදි වසංගත හා ස්වාභාවික විපත් ආමන්ත්‍රණය කිරීමට ඉතිහාසය පුරාවටම බෞද්ධ සමාජ පුරුදුව සිටී. 2004 ඉන්දියානු සාගරයේ සුනාමිය, ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශ විනාශ කළේය. එහිදී භික්ෂූන් වහන්සේලා ආපදා ප්‍රතිචාරයේ ප්‍රමුඛයා වී ඉදිරියෙන් සිටියහ. උන් වහන්සේ විසින් මළ සිරුරු ආදාහනය හා භූමදානය ඇතුළුව අවමංගල්‍ය කටයුතු වේගවත් කරන ලදි.

බුදු දහමේ සූත්‍ර හා පිටකයන්හි වාර්තා වී ඇති පරිදි වසංගත හා ස්වාභාවික විපත් සාර්ථකව ආමන්ත්‍රණය කිරීමට බුදු දහම පුරුදුව සිටී. පොදුවේ ගත් කල, ආපදා ප්‍රතිචාර හා අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් බුද්ධාගම දැඩි මතධාරී / අන්තගාමී නොවන අතර ඒ සම්බන්ධව නම්‍යශීලී වේ. බුදු දහමේ චාරිත්‍ර, ප්‍රායෝගික ප්‍රවේශයක් වෙනුවෙන් පෙනී සිටී. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ICRC විසින් දෙනු ලබන කොවිඩ් -19  සම්බන්ධ අධිකරණ වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම බෞද්ධ රටවලට පහසු වී ඇත.

බොහෝ බෞද්ධ සමාජයන් ඔවුන්ගේ මළවුන් ආදාහනය කරන අතර ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී දේහයද ආදාහනය කරනු ලැබීය.
කෙසේ වෙතත් ආදාහනය කිරීම සඳහා ප්‍රධාන වැදගත්කමක් පෙනුනද නොපෙනුනද ආදාහනය හා භූමදානය යන දෙකටම බුද්ධාගම අවසර දෙයි. දැව සඳහා වන පිරිවැය නිසා භූමදානය ග්‍රාමීය ප්‍රදේශවල ආදාහනය වෙනුවට වැඩි වැඩියෙන් සිදු කර ඇත. නාගරික ප්‍රදේශවලට සේවය කරනු ලබන්නේ නවීන ආදාහනාගාරයෙනි. බෞද්ධ තායිලන්තය, කොවිඩ් -19 කාලය තුළ ආදාහනය හා භූමදානය යන දෙකටම ඉඩ දී තිබේ.

තවද මනෝවිද්‍යාත්මකව, කොවිඩ් -19 හේතුවෙන් වියෝවූ පවුල් කෙරෙහි විශාල මානසික බලපෑමක් ඇති කරයි. කොවිඩ් -19 මරණයකදී අවසන් කටයුතුවලට සහභාගී විය හැකි පවුලේ සාමාජිකයින්ගේ සංඛ්‍යාව සීමා කරයි. මෙම තත්වය, සමහර විට කොවිඩ් -19 වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට හෝ විශේෂිත කණ්ඩායම් වලට දැඩි කණස්සල්ලක් ඇති කරයි. නිවැරදි තොරතුරු බෙදා හැරීමේදී බෞද්ධ නායකයින් සහ භික්ෂූන් වහන්සේ ස්වභාවිකවම වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර මහජන කණස්සල්ලක් අවම කිරීම සඳහා උපදෙස් දෙයි.

බෞද්ධ විහාරස්ථාන සහ ආරාම බොහෝ විට මානුෂීය සහයෝගය බලමුලු ගන්වන අතරම පහසුකම් සපයයි.
බිම් මට්ටමේ හෝ මධ්‍යම මට්ටමේ වේවා ICRC වැනි සංවිධාන සඳහා ප්‍රවේශය, පිළිගැනීම සහ ආරක්ෂාව දෙයි. මේ අතර, ට්සු චි වැනි ජාත්‍යන්තර බෞද්ධ මානුෂීය සංවිධාන ආසියානු රටවල් ගණනාවක කොවිඩ් -19 ප්‍රතිචාරයේ ඉදිරියෙන් සිටී.
–ICRC වාර්තාවක් ඇසුරෙනි (Buddhist Management of the Dead and Covid-19)

Share this :