මගී ප්‍රවාහන බස් රථ සේවාව විධිමත් කිරීමට තීරණ රැසක්
මගී ප්‍රවාහන බස් රථ සඳහා GPS හා CCTV සවි කිරීම විධිමත් කිරීම මෙන්ම ප්‍රවේශපත්‍ර යන්ත්‍ර (Ticket machine) මගින් නිකුත් කරන ටිකට් පත් අනිවාර්ය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.
අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව දැනුම් දෙනු ලැබුවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පළාත් 09 යට අදාළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්වල සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට පසුගිය දා එක්වෙමිනි.
එහිදී අදාළ නිළධාරීන් සමග සාකච්ඡාවෙන් අනතුරුව විශේෂ තීරණ රාශියකට එළඹි ඇත.…. |තව කියවන්න දිනමිණ