Wednesday, July 24, 2024
Local Newsසමාජ

මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීමේ සූදානම ගැන ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ට කියයි

4
මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ථෙරවාදී බුදුදහම පිළිබද හැදෑරිය හැකි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් ලෙස එය ස්ථාපිත කරන බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරියේදී සිදුකරන තම ජපන් සංචාරයේදී මේ සඳහා ආධාර ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ද සඳහන් කළේය. මේ සඳහා තායිලන්තය, භූතානය වැනි බෞද්ධ රටවල දායකත්වය ලබා ගැනීම ද අපේක්ෂාව බව ජනාධිපතිවරයා කියා සිටියේය….||වැඩිදුර කියවන්න:Dinamina
Share this :