Friday, May 16, 2025
Local News

යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

0

මෙරට සංචාරයක නිරතව සිටින යුරෝපා සංගමයේ නියෝජිතයින් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (30) පැවැත්විණි.

මෙම සාකච්ඡාවේ දී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහාය පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා ස්තූතිය පළ කළේ ය. GSP+ සහනය (සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය) රටේ ආර්ථික දියුණුව සඳහා පමණක් නොව දුප්පත්කම තුරන් කිරීමටත් දායක වන බව ද අමාත්‍යවරයා නියෝජිත කණ්ඩායමට පෙන්වා දුන්නේ ය.

නව රජය බලයට පත්වීමෙන් පසු ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා නියෝජිත පිරිස දැනුවත් කළේ ය. රට තුළ වාර්ගික ගැටුම්, ආගමික ගැටුම් වාර්තා නොවන අතර ජාතික සමගිය රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වේ. උතුරු සහ නැගෙනහිර පළාත් මෙන් ම වතුකරයේ ජනතාවගේ පිළිගැනීම නව රජයට හිමි වීම සුවිශේෂ ලක්ෂණයක් වේ. 2024 මහමැතිවරණයේ දී උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීම රජය ලබා ඇති ජනතා විශ්වාසය පිළිබිඹු කරයි.….|තව කියවන්න news.lk

Share this :