රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා නිවේදනය කළේය.
රැකියා සහ ආයෝජන සඳහා ඉහළ අවස්ථාවක් තිබෙන අංශ 4 ක් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක සහාය ලබා දීමට තීරණය කළ බවත් වසර තුනක් පුරාවට එම සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය…..|තව කියවන්න ලංකාදීප