ලස්සන රටක් හදන්න එක්ව පොර බදමු
“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම්කරු දින පනිවිඩයෙන් පවසයි.
අනුර දිසානායක මහතාගේ කම්කරු දින පනිවිඩයේ මෙසේද සඳහන් වේ.
1886 වසරේ මැයි මස 01 වන දින ඇමෙරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේදී, පැය 8ක සේවා මුරයක් ඉල්ලා විරෝධතාවක නිරත වෙමින් සිටියදී එල්ල වූ මර්දනීය වෙඩි ප්‍රහාරයෙන් රුධිරය වැගිරූ කම්කරුවන් සදාතනිකව සිහි කිරීමට 1889 වසරේ රැස් වූ දෙවන කොමියුනිස්ට් ජාත්‍යන්තරය තීරණය කළ අතර එතැන් පටන් සෑම වසරකම මැයි පළමුවන දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.….|තව කියවන්න ලංකාදීප