Wednesday, July 24, 2024
Local Newsසමාජ-ආර්ථික

විජයාවතරණයට පෙර මෙරට ශිෂ්ටාචාරගතව තිබුණිද?

4

මෙම ලිපිය ආරම්භයේම යමක් සඳහන් කල යුතුව ඇත. එනම් මෙහි අප ශිෂ්ටාචාරගතව යන්නෙන් ලිපිය පුරාවට අදහස් කරනුයේ හුදෙක් ගින්දර පාවිච්චියට එහා ගිය නිසි පාලන සංවිධානයක්, රාජ්‍ය පරිපාලනයක්, ආහාර රටාවක් හා වෙළඳ නිෂ්පාදන රටාවක් පැවතීම බව දත යුතුය. එසේ නම් ලිපියට අවතීර්ණ වෙමු. වර්තමානයේ සිංහල ථෙරවාද බෞද්ධ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් මොළ සෙදීමේ ව්‍යාපාරයක් ව්‍යාප්ත වෙමින් පවතී. එහි මහ මොළකරුවන් හා මූල්‍ය සම්පත් දායකයින් ඩයස්පෝරාව හා ngo සංවිධාන බව පැහැදිලිය. මෙහි දේශීයව කටයුතු කරන ඉහළ පෙළ සමාජිකයින් මෙම ව්‍යාපෘතියෙන් මහත් සේ ලාභ ලබන බව පෙනී යතත් මෙම වසංගතයට හසුවූ තරුණ ප්‍රජාව මංමුලාව ගිය ආකාරයකින් අන්ධ භක්තියකට යටත් කර ඇත. බහුතරයකගේ මොළ මේවනවිටත් සෝදා ඇත. මෙහිලා දේශීය ඒජන්තවරුන් වශයෙන් මහත් වූ අයුරින් වියසනය දියත් කරන දෙකොට්ඨාෂයක් ගත හැක.එනම් රාවණ මිත්‍යාව පතුරවන්නන් හා බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා යැයි මුසා තෙපරබාන්නන්ය. මොවුන් දෙකොටසම එක් කරුණක් මහත් සේ විකුර්ති කොට දක්වයි. එනම් විජය රජුගේ ආගමනයෙන් මේ සිංහල භූමිය ආර්ය ජනාවාස නොවූයේ යැයි මතයක් පැතිරවීමයි. මෙම රාවණ මිත්යාවට ඔවුන්ගෙන් පුරාවිද්යාත්මකව සාදක පෙන්වන්න යැයි විමසූ විට කෙදිනකවත් පිළිතුරු නොදෙයි. අමු තිත්ත කුණුහරුප පැවසීම හා කොහේ හෝ ඇති ගල් ගුහාවක් පෙන්වීමට පමනක් මොවුන් සමත්කම් දක්වයි. ඔවුන්ගේ එකම අවිය වචන හරඹය පමණක්ම වන අතර ඊට එහා යමක් ඔප්පු කල කිසිවෙකුත් මේ වනතෙක් හමුව නැත.

“විජයාවතරණයට පෙර මෙරට ශිෂ්ටාචාරගතව තිබුණිද” යන්න සාධක ඉදිරිපත් කිරීමට ප්‍රථම මේ රාවණ මිත්‍යා කරුවන්ගේ යටි අරමුණූ සොයා බැලීම සුදුසුය. සරල සුගම අදහසින් ගත් කල මොවුන්ගේ ඩයස්පෝරා හා NGO මහ මොළකරුවන් මෙයට සම්පත් සපයන්නේ මුලීක අරමුණු සතරක් මත පදනම්වය.

1. දෙමළ නිජබිම්වාදය ජන විඥ්ඥාණය තුල පැලපදියම් කිරීම
2. හින්දු දේවවාදය ප්‍රචලිත කිරීම
3. ශිව භක්තික වන්දනා පැතිරවීම
4. ථෙරවාද බුදු දහම ඉදිරි පරම්පරා කිහිපය ඇතුළත ජන විඥ්ඥාණයෙන් අතුගා දැමීම.

මොවුන්ගේ මෙම ක්‍රියාකලාපය සියවස් ගණනක සිට උත්සහ කර අසමත් වූවක් නවමු අයුරකින් එළි දැක්වීමයි. මුල් කාලීනව සියවස් ගණනකට පෙර ආක්‍රමණයෙන් ඔවුන් ඉහත කරුණු සතර ඉටුකර ගැන්මට කිහිප විටෙකම උත්සහ දරා ඇත. එහෙත් මහා සම්මත ශාක්‍ය වංශයෙන් පැවත එන වීර සිංහල රජදරුවන්ට හා මුතුන් මිත්තන්ට පින් සිදු වන්නට ඔවුන් සැමවිටම අසාර්තක විය. ඉන්පසුව මොවුන් මේ කරුණු සතර ඉටුකරගන්නට තැත් කරනුයේ සීතාවක රාජසිංහ රජු ශිව දහමට හරවාගෙනය. එහිදීද ශිව භක්තිය වැළඳගත් සීතාවක රාජසිංහ රජු මහත් විනාශයක් සිදු කලද සසුනට ලැදි සිංහල ථෙරවාද බොදුනුවන්ගේ ජන විඥ්ඥාණය වෙනස් කිරීමට සමත් නොවීය. ඔවුන්ගේ එම වෑයමද සෝඩා බෝතලය කැඩුවා මෙන් විය. මෙවර ආක්‍රමණය පැමිණෙන්නේ උපක්‍රමශීලීව හා දිගු කාලීන ඉලක්කයක් සහිතවය. මෙහිදි මොවුන් මූලික වශයෙන් ඉලක්ක කර ඇත්තේ නව යොවුන් තරුණ පරපුරය. ඒ ඔවුන්ගේ සැලසුම ඉදිරි පරම්පරා දෙක තුන ඇතුලත මල්පල ගැන්වෙන අයුරිණි. මේ සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ රාමයණය නම් දකුණු ඉන්දියානු ප්‍රබන්ධයේ එන ” රාවණ” නම් මනකඃකල්පිත චරිතයයි. ප්‍රබන්ධයට අනුව රාවණ දැඩි ශිව භක්තික වන අතර ශිව තාණ්ඩවයද ඔහුගේ පද ගෙතුමකි. මොවුනට අනුව රාවණ සිටියේ මේ සිංහල දීපයේය. මෙහිලා එක් කරුණක් මතක් කල යුතුය. එනම් රාමායණයට අනුව රාවණ විසුයේ ලංකා පුරයේය. දන්න ඉතිහාසයේ මෙරට හඳුන්වා ඇත්තේ සිංහලදීප, තම්බපණ්ණි යන නම් වලිනි මිස ලංකාපුර යන නමින් නොවන අතර මෙය රටක් විනා පුරයක්ද නොවේ. සුද්දා පවා හැඳින්වූයේ සිලෝන් යන නමිනි. එයින්ම ප්‍රකට වන්නේ වාල්මිකි කියන ලංකාපුරය අප රට නොවන බවයි. එසේනම් ලංකාපුර විසූ රාවණයෙක් අපට සම්බන්ද වන්නේ කෙසේද. ඇරත් රාවණ නම් කෙනෙකුන් සිටියා යැයි මෙතෙක් එකදු හෝ පුරාවිද්‍යා සාධකයක් හමුව නැත. ( ගල් ගුහා පෙන්වීම හා වචන හරඹය පමණි ).

ලිපියේ ඉහත සඳහන් කල අරමුණු සතර උදෙසා කුමන්තණකරුවන් මෙම රාවණ නම් මිත්යා චරිතය අපූරු ලෙස යොදා ගනි. ප්‍රදාන වශයෙන්ම ඉලක්ක කර ඇත්තේ වීරත්වය සොයා යන සුළු නව යොවුන් තරුණ පරපුරය. මෙහිදි මොවුන් පවසනුයේ රාවණ නම් මහා බලගතු සක්විති පාලකයෙක් මෙරට විසූ බවත් සිංහලයන් ඔහුගෙන් පැවත එන බවත්ය. එහිදී එක්වරම ථෙරවාද බෞද්ධ ජන විඥ්ඥාණයට පහර ගැසීම පෙර අවස්තාවල මෙන් අසාර්තකත්වයට හේතුවන බැවින් අලුත් පරිච්ඡේදයක් මේ රාමායණ මිත්‍යාවට එකතු කර ඇත. එය නම් රාවණ බෞද්ධ දහම ඇදහූ බව කියන්නට ලංකාවථාර නම් මහායන සුතුරක් එක් කිරීමය. අවාසනාවට බහුතර තරුණ පිරිස් මෙය ථෙරවාද සුතුරක් නොවන බවත් ව්‍යාජ මහායාන සුතුරක් බවත් නොදනී. එසේ වුවද මොවුන්ගේ රාවණ මිත්‍යාව මෙතනදි පරස්පර ලෙස ගැටීම වැළැක්වීමට මොවුන් අසමත්ව ඇත. එනම් මුල් රාමයණයට අනුව මොවුන් කියන ලංකාවථාර රාවණ ශිව වන්දනයද කරන අතර තාණ්ඩවයද ඔහුගේ පද ගැලපුමකි. දැන් විරත්වය සොයා යන තරුණ පරපුර මොනවට රැවටී ඇත.” ෂා රාවණ කියන්නේ අපේ ආදිතමයා. නිකන් නෙවේ ශිව ඇදහූවත් ඔහු බෞද්ධලු” ලෙසින් මතය ගොඩනගා වඩා රසවත් වීමටත් තරුණ සිත ඇද බැඳ ගැන්මටත් ” රාවණ අප්පොච්චි ” ලෙසද හැඳිවීමක් කරයි. ඔවුන්ගේ සැලසුමේ ඊළඟ පියවර ලෙස මෙයට ජාත්‍යාලයද එක් කල යුතුය. එවිට තරුණ පරපුර තවත් ආකර්ෂණය කල හැක. දැන් මොවුන් කරනුයේ තවත් රසකාරකයක් එක් කිරීමයි. ඒ මොවුන් පවසන පරිදි රාවණ ලොවක් යටත් කරගෙන සිටි බවද එපමණකින් නොනැවතී අඟහරුද ජයගෙන ඇත. එමෙන්ම රොකට්, මිසයිල, සබ්මැරීන්, ලේසර් ආදි සියල්ලක් රාවණ නිපැයුම්ය. ඇමරිකාවද තාක්ශණය ඉගෙන ඇත්තේ රාවණ ලියුවා යැයි කියන පොත් හොරකම් කරය. ඔප්පු කිරීමට සාධක නොමැති බැවින් ඔවුන් කියනුයේ ඒ පොත් නාසා එකේ පොළොව යට හංගාගේන පරීක්ෂණ කරන බවය.තවත් සරලව කියතොත් නැති ජාත්‍යාලයක් රාවණ කෙරේ ඇති කිරීමට ලොව එදා මෙදා තුර සිදුවූ සෑම නව නිපැයුමක්ම රාවණගේ ගිණුමට බැර කර ඇත. මෙහිදීද ඔවුන් පරස්පර විරෝධීය. එනම් රාවණගෙ තිබුණා යැයි කියන පොතක් ඉස්සීමට ඇමරිකානුවන් කෙදිනකවත් ලංකාව ආක්‍රමණය කර නැත්තේය. එමෙන්ම ඔවුන්ගේ ලැයිස්තුවේ ඇති නව නිපැයුම් සියල්ල ඇමරිකන් නිශ්පාදනද නොවේ. එමෙන්ම මෙච්චර දේ සොයාගත් රාවණ කොහෙද ඉන්නේ ඇසූ විට හද්ද කැලේ බල්ලෙකුටවත් ලගින්නට නොහැකි ගල් ගුහාවක් පෙන්නයි.🤣 නමුත් බහුතර වීරත්වය සොයන නව යොවුන් තාරුණ්‍ය මෙයට රැවටී හමාරය. දැන් සැලසුමේ බොහොදුර ඔවුන් නිමකර හමාරය.. ඉස්සර උදේ හවා බුදුන්ට මල් පූජා කර පන්සිල් කියූ සමහර තරුණයන් දැන් දැන් ශිව ලිඟුව ලෙවකා ශිව තාණ්ඩවය කියනු දක්නට ලැබේ. එමෙන්ම සමහර පන්සල් වලින්ද දැන් දැන් පිරිත් වෙනුවට අණ්ඩර දෙමළ ශිව ස්ත්‍රෝත්‍ර ඇසේ. සමහර තරුණයන්ට දැන් දැන් ථෙරවාද බුදු දහම හා බුදු රදුන් මුලාවක්ය, ඒ මෙතරම් බලවත් යැයි මොවුන් සිතා සිටින මිත්‍යාවක් වූ රාවණ අප්පොච්චි ගැන බුදු රදුන් එකදු වචනයක් හෝ දේශනා කර නොමැති බැවිනි. තවත් දෙයක් ඇත මේ රාවණ කාරයන් දහයකගෙන් යමක් විමසූ විට අප්පොච්චී පිළිබද පරස්පර විරොධි කතා දහයක් ඇසිය හැක. කෙසේ හෝ ඔප්පු කිරීමට සාධක විමසූ විට අමු තිත්ත කුනුහරුප මාලාවක් ඇසෙනු ඇත. එහි අගට ” තෝ විජයට ජාතක ” ලෙස පාටයක් ඇසෙනු ඇත. අපි එයින්ම මේ ලිපියේ මුල් සිරැසියට යොමු වෙමු.

මේ රාවණ කාරයන්ගේ ප්‍රධානම සතුරෙක් ලෙස ලංකාව ආර්ය ජනාවස කර මෙබිමේ සිටින සිංහලයන්ගේ මුල් පුරුක බව පුරාවිද්‍යාත්මකව මෙන්ම ලිඛිත මූලාශ්‍ර මගින්ද ඔප්පු කර අවසන් විජය රජු හැඳිවිය හැක. මන්ද යත් ඔවුනට අනුව අප පැවත එන්නේ දකුණු ඉන්දියානු මිත්‍යා ප්‍රබන්ධ චරිතයක් වන රාවණ නම් ශිව භක්තික ද්‍රවිඩයාගෙන්ය. විජය රජුට එරෙහිව ඔවුන් දක්වන එකම තර්කය වන්නේ ” ඉතිං විජය එන්න කලින් මේ රටේ මනුස්සයෝ හිටියේම නැද්ද? එතකොට කුවේණි මනුස්ස නෙවේද? අමනුස්ස නම් විජයට දාව ලමයි හම්බුනේ කොහොමද? ” . පිළිතුරු මෙසේ දත යුතුය, විජය රජු පැමිණීමට පෙර පවා මානවයින් මේ බිම තුළ සිටි ඇති බව බලංගොඩ පුරවිද්‍යා කැනීම් වලින් පවා සිතාගත හැක. නමුත් ඔවුන් ” ශිෂ්ටාචාර” ගතව නොසිටි පිරිසක් බවට නම් මනාව පැහදිලිය. විජය රජු කරේ මෙරට ආර්ය ජනාවස ඇතිකර ශිෂ්ටාචාරගත කිරීමය. එමෙන්ම කුවෙණිය පිළිබඳ කරුණේදිද, කුවේණිය අමනුස්ස නොවන බව පැහදිලිය. අමනුස්ස නම් විජය රජුට දාව දරුවන් වැදිය නොහැක. නමුත් ඇය යකින්නක ලෙස මෙන්ම විජය සමග ආ පිරිස ගොදුරු පිණිස සැගවූ කතාව බැහැර කල නොහැක. එනම් මිනී කන ගෝත්‍රික පිරිස් එපමණකට මේ ලොව මත සිට ඇත. සැබැවින්ම ඔවුන් යක්ශයන් මෙන්ය. බටහිර දේශාටන වර්තා වලත් ඔවුනට එවැන්නන් හමුවූ තැන් අපමනකට සඳහන්ව ඇත. හොඳම නිදසුම ඔබ මෙය කියවන මේ මොහොතේත් අසල්වැසි ඉන්දියනු නාවික හමුදා රැකවල් යටතෙ ඉන්දියාවට අයිතිය ඇති ” North Sentinel Island ” දූපතෙහි පිටස්තරයෙකු පැමිණි විට මරා දමන තරම් දරුණු ආදී කල්පිත ගොත්‍රයක් තවම ඇත. ඉතින් මේ මිනී කන කුවෙණි යකින්නද එවැන්නියක බව පෙනේ. අනෙක් කරුණ නම් විජය අතුළු පිරිස මෙබිමට ගොඩබහින විට ශිෂ්ටාචාරගත දියුණු රාවණ අප්පොච්චිගේ රොකට් පවා අඟහරුට යැවූ මිනිසුන් සිටියා නම්, නිරායුධ විජය ඇතුළු සුළු පිරිස පාලන බලය අල්ලා ගන්න තෙක් බලා සිටීද? සංෂිප්තව ගත් කල විජය රජු ඇතුලු ආර්ය පිරිස මෙරටට ගොඩබසින විට මෙරට ඉතා නොදියුණු මානව ගෝත්‍රයක් වාසය කල ඇති බවත් කුවෙණියද එවැනි එකියක බවත්, ජවසම්පන්න උපක්‍රමශීලි විජය හා ආර්ය පිරිස උපායෙන් රටෙහි පාලන බලය අල්ලා වරින් වර තම පිය රාජධානියෙන් පිරිස් ගෙන්වා මෙරට ආර්ය සිංහල ජනාවස කල බව පැහැදිලිය. ( කුවේණියගේ දරු දෙදෙනා වන ජීවහත්ත දිසාලා සැවොම දන්නා පරිදි තම මවගේ ගොත්‍රයට එක් වීම හා ඔවුන්ගෙන් වැදි පරපුර පැවත ඒමෙනුත් ඉහත කරුණ තහවුරු වන අතර රාවණ අප්පොච්චිගේ රොකට් යවා ඇත්තේද ඔවුන් බව පැහැදිලිය.😄 එමෙන්ම මේ වැදි ජනයා ” australoid ” ජානගත වනවිට සිංහල අප ” rna 1/ඉරාන-ආර්‍ය ” ජානගත වීමෙන් අප ආර්ය විජයගෙන් ශිෂ්ටාචාරගතව පැවතෙන බව පෙනේ. ) ( විජය රජුගෙන් පසු ලංකාවට පැමිණි පණ්ඩුවාසදේව රජු විවාහ වෙන්නේ ඉන්දියාවේ නැගෙනහිර පෙදෙසේ සිට ලංකාවට පැමිණෙන ශාක්‍ය පරපුරට අයත් භද්‍රකච්චායනා කුමරිය සමග. භද්‍රකච්චායනා කුමරිය යනු සුද්ධෝදන රජුගේ සහෝදරයෙකු වන අමිතෝදන රජුගේ පුත් පණ්ඩුශාක්‍ය රජුගේ කනිටු දියණියයි. එබැවින් භද්‍රකච්චායනා කුමරිය බුදුන් වහන්සේට ලේ ඥාතී වේ. ඇය සමග ඇයගේ සහෝදරයන් පිරිසක් ලංකාවට පැමිණෙනවා.භද්දකච්චායනා කුමරියගේ දුව වන චිත්‍රා කුමරිය හා භද්දකච්චායනා කුමරියගේ සහෝදර දීඝායු ගේ පුත් දීඝගාමිණි දෙදෙනාගේ පුතෙකු ලෙස උපදින පණ්ඩුකාභය කුමරු තමයි ලංකාවේ පළමු උභයකුල පාරිශුද්ධ මහා සම්මත පරපුරේ සුර්ය වංශික ශාක්‍ය ගෝත්‍ර රජු විදියට පත් වෙන්නේ )

ඉතින් ඉහත කරුණු සමුදාය තුළින්ම මේ කිසිදින ඔප්පු කිරීමට නොහැකි වූ රාවණ දකුනු ඉන්දියානු මිත්‍යා ප්‍රබන්ධයක එන තවත් එක් ශිව භක්තිකයෙකු බවත් මේ සිංහල බිමට හෝ අප ජාතියට ඔහුගෙ කිසිදු සම්බධයක් නැති බවත් තහවුරු වෙනවා

උපුටා ගැනීම: රාවණ මිත්‍යාවට එරෙහිව ථෙරවාද බෞද්ධයන්https://www.facebook.com/RavanaMyth/photos/a.112016993830949/113047210394594/?type=3&theater

 

Share this :