Tuesday, July 23, 2024
Local Newsපරිසර

වෙළෙ­ඳ­ස­ල්ව­ලින් නිකුත් කරන ෂොපින් බෑග් සඳහා මිලක් නියම කිරීම පිළි­බඳ අව­ධා­නය

0

වෙළෙ­ඳ­ස­ල්ව­ලින් නිකුත් කරනු ලබන ෂොපින් බෑග සඳහා මිලක් නියම කිරීම පිළි­බඳ පරි­ස­රය, ස්වාභා­වික සම්පත් හා තිර­සර සංව­ර්ධ­නය කෙරෙහි ආංශික අධී­ක්ෂණ කාරක සභාව අව­ධා­නය යොමු කර තිබෙනවා.

ඒ කාරක සභාවේ සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී අජිත් මාන්න­ප්පෙ­රුම මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා රැස් වූ අව­ස්ථාවේ මේ පිළි­බඳ අව­ධා­නය යොමු කර ඇත. පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කාරි පනතේ 10(1)බී වග­න්තිය යටතේ 2008 ඔක්තෝ­බර් 17 දිනැ­තිව පරි­භෝ­ගික අධි­කා­රිය විසින් නිකුත් කරන ලද විධාන අංක 26 මඟින් පනවා ඇති පරිදි කිසි­යම් වෙළෙ­න්දකු විසින් භාණ්ඩ විකු­ණන අව­ස්ථාවේ නිකුත් කරන කුමන වර්ගයේ හෝ බහා­ලුම් මලු/ එතුම් සඳහා පාරි­භෝ­ගි­ක­ය­න්ගෙන් කෙළින්ම හෝ අන්‍යා­කා­ර­ය­කින් කිසිදු මුද­ලක් අය කර­ගැ­නීම නොකළ යුතු බවට නියම කර නිකුත් කර තිබූ ගැසට් නිවේ­දන බල රහිත කර­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් 2024 මාර්තු 28 දිනැ­තිව දුන් තීන්දුවේ පිට­ප­තක් ලැබෙන තෙක් පාරි­භෝ­ගික කට­යුතු අධි­කා­රිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේ­ද­නය අව­ලංගු කිරී­මට නොහැකි වී ඇති බව මෙහිදී අනා­ව­ර­ණය වී ඇත|තව කියන්න ITN

Share this :