Saturday, May 17, 2025
Local News

ශ්‍රී ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සහ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡාවක්

0

ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සහ දකුණු කොරියානු ආයෝජකයින් පිරිසක් අතර හමුවක් ඊයේ (08) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පුළුල් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණවී තිබෙනවා. මෙරටින් දකුණු කොරියාවට දැනට සිදු කෙරෙන මත්ස්‍ය අපනයනය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන්ම blast freez කිරීම මඟින් (-20°C) ශීත කළ තත්ත්වයෙන් අපනයනය කරනු ලබන මසුන් සඳහා කොරියාවේ ඉහළ ඉල්ලුමක් පවතින බව පෙන්වා දුන්නා. ඉදිරියේදී දේශීය මිල ගණන් ගැලපීමෙන් අනතුරුව, ලංකා ධීවර සංස්ථාව (CFC) සමඟ එක්ව මෙම අපනයන ක්‍රියාවලිය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරෙනවා…..|තව කියවන්න ITN ප්‍රවෘත්ති

Share this :