Thursday, July 25, 2024
Local Newsසමාජ-ආර්ථික

ශ්‍රී ලංකාවේ ආර්ථිකය

0

ශ්‍රි ලංකාව පැවති සමාජවාදී තත්වය 1977 සිට ධනවාදී නැඹුරුවක් පෙන්නුම් කළේය. එතැන් සිට රජය පෞද්ගලීකරණය, විවෘත ආර්ථිකය හඳුන්වාදීම ආදිය සිදු කළේය. උතුරේ පැවති අවුරුදු 25ක සිවිල් යුද්ධය (ත්‍රස්තවාදය ) හා දකුණේ විටින් විට ඇති වූ කැරලි කෝලාහල (ජා.වි.පෙ. ක්‍රියාකාරකම්) ශ්‍රි ලංකවේ ආර්ථික සංවර්ධනයට දැඩි ලෙස බලපෑම් එල්ල කලේය. 1993 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙහි 7%ක් දක්වා වර්ධනයක් ඇති කිරීමට මුලිකවම ජ.වි.පෙ. ක්‍රියාකාරකම් අවසන් වීමත් සමඟ ඇතිවූ පෞද්ගලීකරණය හා අපනයනයේ සිදුවූ වැඩි වීමත් බලපාන ලදි. 1993 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙහි 7%ක් දක්වා වර්ධනයක් ඇති කිරීමට මුලිකවම . ක්‍රියාකාරකම් අවසන් වීමත් සමඟ ඇතිවූ පෞද්ගලීකරණය හා අපනයනයේ සිදුවූ වැඩි වීමත් බලපාන ලදි. රටේ සමස්ත ආර්ථික වර්ධනය අසමතුලිත වීමට ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර හා දේශීය ආර්ථිකයේ සහ දේශපාලන වෙනස්වීම් ඍජුවම බලපෑවේය. 1991 සිට 2000 දක්වා වූ කාලයේදී වාර්ශික සාමාන්‍ය දළ දේශීය වර්ධනය 5.2% අගයකින් යුක්ත විය. නමුත් එම අගය 2001 වසරේදී 1.4% ඍණ අගයක් දක්වා පහත වැටුනි. එය ශ්‍රි ලංකාව නිදහස ලැබීමෙන් පසු සිදුවූ විශාලතම ආර්ථික පසු බෑමකි. එසේම දේශීය හා ජාත්‍යන්තරව අතිවූ ගැටලු, විශේෂයෙන් ශ්‍රි ලංකාවට හා අමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර ආර්ථිකය කෙරෙහි විශාල ලෙස බලපාන ලදි. මූලික ආර්ථික ප්‍රතිපත්තියවල වූ අසාර්ථකත්වය, ආර්ථික සැලැස්මේ වූ අඩුපාඩු කම් සහ නව ආර්ථික ප්‍රතිපත්තියක අවශ්‍යතවය මෙවන් වූ ව්‍යසනයන්ගෙන් ඉස්මතු විය—–විකිපීඩියා වෙතින්

Share this :