Thursday, July 25, 2024
Local Newsසමාජ-ආර්ථික

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදන තත්වය හා ප්‍රතිවිපාක

0

ශ්‍රී ලංකාව තුළින් වාර්තාවන 12 වන කොවිඩ් ආසාදිත රෝගියාගේ මරණය අද දින (23) සිදු වී ඇති බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුමිත් සමරවීර මහතා තහවුරු කරන බව රජයේ ප්‍රවෘත්ති නිවේදනයක් පෙන්වා දෙයි.

මෙම මියගිය රොගියා 47 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය පසුගිය 20දා ඉන්දියාවේ සිට පැමිණ ඇත.

එසේම ඇය පිළිකා රෝගී තත්වයකින්ද පෙළී ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. එහෙත්, ඇය මිය යාමට හේතුව වී ඇත්තේ හෘදයාබාධයකි.

දැනට රට තුළ කොවිඩ් ආසාදිතයින් 2947 ක් වාර්තා වී අතර ඉන් 2798 දෙනෙකු සුවය ලබා ඇත. රෝහල් වල ප්‍රතිකාර ලබන්නේ 65 කි. අද දිනට 12 දෙනෙකු මිය ගොස් ඇත. එය 0.4 ක් වැනි ඉතාම සුළු ප්‍රතිශතයකි.

Share this :