Tuesday, July 23, 2024
Local Newsසමාජ-ආර්ථික

නීති සකස්කරීමට, වෙනස් කිරීමට සහ සම්මත කිරීමට බලය ඇති ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය

0

ව්‍යවස්ථාදායකය යනු නිති සකස්කරීමට වෙනස් කිරීමට සහ සම්මත කිරීමට බලය ඇති සාකච්ඡා කිරීම සදහා වූ නියෝජිත සහාවකි.ව්‍යවස්ථාදායකයන්ට විවිධ නම් ඇත. සුලබව යෙදෙන්නේ පාර්ලිමේන්තුව, කොංග්‍රසය වැනි වදන්ය. ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන කාර්ය වන්නේ නිති සෑදීම සහ වෙනස් කිරීමය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකය උත්තරීතර වන අතර එය මගින් විධායකය පත් කෙරේ. ජනපති ක්‍රමයකදී ව්‍යවස්ථාදායකය යනු විධායකයට සමාන හා ඉන් පරායත්තව බල සහිත ආයතනයකි. නීති සම්මත කිරීමට අමතරව බදු එකතු කිරීමට, අය වැය සහ අනෙක් මූල්‍යයනත් සම්බන්දයෙන් ද ව්‍යවස්ථාදායකයට බලය ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය-පාර්ලිමේන්තුව යනු, මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් හෙබි, ශ්‍රී ලංකාවේ ඒක-මණ්ඩල ව්‍යවස්ථාදායකය වෙයි. වසර-05 (19th ammendant) කාලසීමාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ සමානුපාතික නියෝජනය යටතේ සර්වජන ඡන්දය භාවිතයෙනි. සියළු නීති සම්පාදනය කිරීම සඳහා බලය පාර්ලිමේන්තුව සතුය. එය ආදර්ශයට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙයි.

කථානායක හෝ ඔහු නොමැතිවිටෙක, නියෝජ්‍ය කථානායක (කාරක සභා සභාපති) හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති හෝ පාර්ලිමේන්තුවෙහි මුලසුන දරයි.

ව්‍යවස්ථාදායක සැසියක් කැඳවීම, අත්හිටුවීම, වාර හමාර කිරීම, හෝ අත්හිටුවීමටද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමටද සඳහා බලය, රටෙහි ජනාධිපති සතු වෙයි. මන්ත්‍රීවරුන් 225 අතුරින් 196 දෙනෙකු, බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙතින් තෝරා පත් කර ගනු ලැබේ. ජාතික මුළු ඡන්ද ප්‍රමාණයෙන් පක්ෂ (සහ ස්වාධීන කණ්ඩායම්) සඳහා ලැබුණු ඡන්ද ප්‍රමාණය ට අනුපාතික වශයෙන් ඉතිරි මන්ත්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තු වලින් තෝරා පත් කර ගනු ලැබේ–විකිපීඩියා වෙතින්

Share this :