Saturday, July 19, 2025
Local News

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කෙරේ

0

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්‍ෂක අමාත්‍ය ගරු රිචඩ් මාල්ස් මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු දූත පිරිස මෙරට නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කොළඹ නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ඊයේ (03) පැවැත්වීය.කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මැතිතුමාද  මෙම සාකච්ඡාව  සඳහා එක්විය.

මෙම හමුවේදී ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කල අතර, දේශපාලන, ආර්ථික සහ ආරක්‍ෂක සහයෝගීතාව ඇතුළත් හවුල්කාරිත්වයන් පුළුල් කිරීම, කලාපීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ සමුද්‍රීය ආරක්‍ෂාව, සමුද්‍රීය ක්ෂේත්‍ර දැනුවත්භාවය, ධාරිතා වර්ධනය සහ පුහුණුව වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා නව මාර්ග ගවේෂණය කිරීම කෙරෙහිද අවධානය යොමුකරන ලදී…..|තව කියවන්න news.lk

Share this :