Tuesday, July 23, 2024
Local Newsසමාජ-ආර්ථික

ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුල්‍ය පද්ධතිය සම්බන්ධ එහි වගකීම්

0

ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතියේ කේන්ද්‍රිය ස්ථානය පිළිබඳව සලකා බලන විට ශ්‍රී ලංකා මහ බැංකුව ‍වි‍ශේෂ ස්ථානයක් හොබවයි. මුලික වශයෙන්ම ශ්‍රී ලංකා රුපියලේ අගය සුරක්ෂිත කිරිම, බැංකු, මුල්‍ය ක්‍රමය හා ගෙවීම් පද්ධතිය සුරක්ෂිත කිරීම මහ බැංකුවේ වගකීම් අතර වේ. 1949 අන්ක 59 දරන මුදල් නීති පනත යටතේ 1950 අගෝස්තු 28 වන දින එන්ගලන්ත ජතික johne exter මහතා විසින් ශී ලංකා මහ බැංකුව පිහිටවන ලදි. කාලීනව වන ආර්ථික වෙනස්කම් හඳුනා ගනිමින් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය මහ බැංකුව ක්‍රියාත්මක වීම තුළ දක්නට ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවමින් ඔවුන් අපේක්ෂා කරනු ලැබුවේ ඵලදායී සම්පත් සංවර්ධනයක් ඇති කිරීමයි. ඒ සඳහා ඡනතාව දිරිමත් කිරිමයි. මෙකී අරමුණු කරා ළඟා වන විට,

  • ආර්ථික හා මිල ස්ථායීතාව
  • මුල්‍ය ස්ථායීතාවය

පවත්වා ගැනීමට උත්සාහ කළහ. මිල ස්ථායීව පවත්වා ගෙන යාම තුළින් ඔවුහු ව්‍යවහාර මුදල්වල අගය සුරක්ෂිත කර දීම අපේක්ෂා කරයි.එවැනි සමාඡ රාමුවක් තුළ උද්ධමනය අඩු මට්ටමකට ගත හැකිය. එසේම එවිට ආර්ථිකයට සිය විභව වර්ධන හැකියාවද අත්පත් කර ගත හැකිය. දිගු කාලීන ධරණීය ආර්ථික වර්ධනයක් අපේක්ෂිතය. කාර්‍යක්ෂම මුල්‍ය ස්ථාවරයක් ඇති කිරීම තුළින්ද මහ බංකුව අරමුණු ගත කර ඇත්තේ ඵලදායී සම්පත් සංවර්ඩනයක් ඇති කිරීමයි. එසේම මේ නිසා තැම්පත්කරුවන්ට මෙන්ම ආයෝඡකයින්ට හිතකර තත්වයක් උදා කරයි. මන්ද මේ නිසා ආයෝඡනය හා ආර්ථික වර්ධනය පුළුල් වන බැවිනි. ඉහත දක්වා ලු ආකාරයට අරමුණු සාක්ෂාත් කර ගැනීමට මහ බැංකුව තුළ දක්නට ඇති පාලන ව්‍යුහයද ඉතා වැදගත් කරුණකි—-විකිපීඩියා වෙතින්

Share this :