ශ්‍රී ලංකා-වියට්නාම ජනපතිවරුන් අතර හමුවක්
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතා අතර හමුවක් එරට ජනාධිපති මන්දිරයේ දී ඊයේ(5) පැවැත්විණ. ත්‍රිවිධ හමුදා උත්තමාචාර මැද ජනාධිපතිවරයා උණුසුම් ලෙස එහි දී පිළිගැනීමෙන් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය. මෙහිදී දෙරටේ ප්‍රගති සමාලෝචනය, අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කරන ලද අතර, අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබිණ.
මෙම සංචාරය මඟින් දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර විවිධ අංශ මඟින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ…..|තව කියවන්න CRI online