Monday, July 22, 2024
Local Newsදේශපාලන

සිංහලයන් මහා සම්මත ශාක්‍ය පෙළපතෙන් පැවත එම හා බුදුන් වහන්සේට ලේ ඥාති වන අයුරු

5

විජය රජුගෙන් පසු ලංකාවට පැමිණි පණ්ඩුවාසදේව රජු විවාහ වෙන්නේ ඉන්දියාවේ නැගෙනහිර පෙදෙසේ සිට ලංකාවට පැමිණෙන ශාක්ය පරපුරට අයත් භද්රකච්චායනා කුමරිය සමග. භද්රකච්චායනා කුමරිය යනු සුද්ධෝදන රජුගේ සහෝදරයෙකු වන අමිතෝදන රජුගේ පුත් පණ්ඩුශාක්ය රජුගේ කනිටු දියණියයි. එබැවින් භද්රකච්චායනා කුමරිය බුදුන් වහන්සේට ලේ ඥාතී වේ. ඇය සමග ඇයගේ සහෝදරයන් පිරිසක් ලංකාවට පැමිණෙනවා. ලංකාවට මහා සම්මත පරපුරේ සුර්ය වංශයේ ශාක්ය ගෝත්රය සම්බන්ධ වෙන්නේ මේ හරහා. මිට පෙර ලංකාවේ කිසිදු ආකාරයකින් වංශයක් හෝ මහා සම්මත පරපුරක් සිටියේ නෑ. මිට පෙර ලංකාව පාලනය කලා යැයි මිත්යා ප්රබන්ධයන්හි සඳහන් රාවණ රජු මහා සම්මත පරපුරට කිසිසේත්ම සම්බන්ධ නැතිවා මෙන්ම එම මිත්යා ප්රබන්ධයන්ටම අනුව පැවතගෙන එන්නේ පුලස්ත්ය ඍෂි ගෙන් ආරම්භ වුනු වෙනම පෙළපතක් ඔස්සේ.

භද්දකච්චායනා කුමරියගේ දුව වන චිත්රා කුමරිය හා භද්දකච්චායනා කුමරියගේ සහෝදර දීඝායු ගේ පුත් දීඝගාමිණි දෙදෙනාගේ පුතෙකු ලෙස උපදින පණ්ඩුකාභය කුමරු තමයි ලංකාවේ පළමු උභයකුල පාරිශුද්ධ මහා සම්මත පරපුරේ සුර්ය වංශික ශාක්ය ගෝත්ර රජු විදියට වෙන්නේ.

පසුකාලින ලේඛන වලදී ලංකාවේ විවිද රජවරුන් මහා සමමත පෙළපතින්, සුර්ය වංශයෙන්, ශාක්ය වංශයෙන් පැවතගෙන එන බව දක්වන්නේ මෙන්න මේ හේතුව නිසායි. එසේ නැතුව ලංකාවේ මොවුන්ට පෙර එම වංශ වලට අයත් කිසිවෙක් සිටියේ නෑ. මෙය රාජාවලියේ තුලිනුත් ඔප්පු වනවා.

“මේ මහා සම්මත රජු පටන් සුදොවුන් රජුට සත්ලක්ෂ සත්දහස්‌ සත්සිය සත්අනූවක්‌ රජදරුවෝ රාජ්යය කළාහ. ඉන් ඔටුනු පැලඳි රඡ්ජුරුවෝ තුන්ලක්ෂ තිස්‌සතරදහස්‌ පන්සිය තුන් අනූවක්‌ බව දත යුතුයි. සුද්ධෝදන රජුගේ එක කුස උපන් මල් වූ අමිතෝදනය, ධොතොදනය යි දත යුතුයි. මේ ශ්රී ලංකාද්වීපයට ආ රාජවර්ගය මෙසේ දත යුතුයි.” (රාජාවලිය, 166 පිට)

පණ්ඩුකාභය රජු ශාක්යවංශයට ඇති ඥාතීත්වය පැහැදිලි ලෙස සිව්වැනි මිහිඳු රජුගේ පුවරුලිපියක සඳහන් කර තිබෙනවා. ඒ “ඔකාවස් පරපුරෙන් බට් සුදොවුන් රජ් හු අන්වයෙන් ආ පඬුවස්දෙව් අභා මහරජ් හු පරපුරෙන් බට්” ලෙසින්.

මිට අමතරව ගල්පොත ශිලාලේඛනය, දිඹුලාගල ⁣ඖෂධ පොකුණ පර්වත ලිපිය ආදී තවත් බොහෝ අභිලේඛන වලදී මහා සමමත පරපුර ලංකාවට ආගමනය වුනු ආකරය දකින්න ලැබෙනවා.

ඉතිහාසය බොරුවක් කියමින් විකෘති මත පතුරවමින් පුරාවිද්යාඥයන්ට ගරහමින් තමන්ගේ ප්රතිරූපය සාදාගැනීමට දගලන පුද්ගලයන් හට මේවා පිළිබඳ කිසිදු දැනුමක් ඇති බව දකින්න ලැබෙන්නේ නෑ. විජය රජුට බනිමින් තමන් සුර්ය වංශික මහා සම්මත පරපුරේ යයි කියාගන්නා පිරිස නොදන්නා කරුණ නම් විජය රජු ලංකාවට පැමිණියේ නැත්තම් ලංකාවට සුර්ය වංශයක් හෝ මහා සම්මත පරපුරක් කිසිසේත්ම එන්නේ නෑ. එසේනම් මොවුන් හට පම්පෝරි ගැසීමට වත් වංශයක් ලැබෙන්නේ නෑ.

ඒ වගේම මෙම පුද්ගලයන් නිතරම තමන්ට විරුද්ධ වාදීන්ට විජයගේ පරම්පරාවේ අය යයි ගරහමින් තමන් රාවණ පරම්පරාවේ යයි කියාගන්නා ආකාරයත් නිතර දකින්න පුළුවන්. මේ තුලිනුත් මොවුන්ගේ ඉතිහාස නුගත්කම හොදින් ප්රදර්ශනය වෙනවා. සිංහල ජාතියේ ආරම්භය දැක්වෙන්නේ විජයගේ දරුවන්ගෙන් නොව පණ්ඩුවාස දේව රජුගේ දරු පරපුරෙන්. විජය කුවේණි හට දරුවන් දෙදෙනෙකු ලැබුණු බව සදහන් වුවත් ඔවුන් වනවැදුණු බව මිසක් ඔවුන්ගෙන් සිංහල ජාතිය ආරම්භ වු බවක් මහා වංශයේ හෝ වෙනත් ඉතිහාස ග්රන්ථයක් දැක්වෙන්නේ නෑ. මෙය නොදන්නා කමෙන්ම ප්රදර්ශනය වෙන්නේ ඉතිහාසය මතු කරනවා යයි කියනා පුද්ගලයන් ඔහේ රැල්ලට බනිනවා මිස ඉතිහාසය පොතක් අතින්වත් අල්ලා නැති බවයි. වැරදි වෙන්නේ කොහොමද කොතනද කොයි ආකාරයෙන්ද කියා කිසිවක් මොවුන් දන්නේ නෑ

උපුටා ගැනීම: රාවණ මිත්‍යාවට එරෙහිව ථෙරවාද බෞද්ධයන්: https://www.facebook.com/RavanaMyth/photos/a.112016993830949/112155713817077/?type=3&theater

Share this :