Saturday, July 19, 2025
Local News

සුදුසුකම් ඇති අය රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස පත් කරන්න -හිටපු මන්ත්‍රී නිරෝෂන්

0

සුදුසුකම් තිබෙන පුද්ගලයන් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස පත් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා අවධාරණය කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (26) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය. “මන්නාරමේ ඉදි කිරීමට නියමිත මෙගාවොට් 50ක සුළං බල ව්‍යාපෘතිය දී තිබෙන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව. රතු නිවේදන නිකුත් කළ බහාලුම් 323න් 255ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම පිළිබඳව ආණ්ඩුව තවම පිළිතුරක් දී නෑ. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන බව මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ ආකාරයට කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම්වල තිබුණේ මොනවාද කියලා කවුරුත් දන්නේ නෑ. මේ හරහා රටට විශාල අලාභයක් සිදු වෙලා තිබෙනවා. පසුගිය වසරේදී බිලියන 140ක් ලාභ ලැබූ ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු කාර්තුවේ බිලියන 18ක් පාඩු ලබා තිබෙනවා. සූර්ය බලයෙන් විදුලිය ගැනීම බලහත්කාරයෙන් නතර කරන්න ආණ්ඩුව කටයුතු කළා. මේ සිදුවීම් සම්බන්ධයෙන් තමයි අලුතින් පත්වන විගණකාධිපතිවරයාට විගණනය කරන්න තිබෙන්නේ. ඒ විගණනයන් ආණ්ඩුවට වාසි වන ආකාරයට සිදු කරගැනීමට ද සූදානම් වන්නේ කියන ප්‍රශ්නය මතු වෙනවා. එවැනි දෙයක් කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා නම් ඒ සඳහා කිසිදු ඉඩක් නෑ…..|තව කියවන්න දිනමිණ

Share this :