අද එජාප සහ සජබ සාකච්ඡාවේදී සිදුවූ දේ
ජාතික ජන බලවේගයට බහුතර බලය නොමැති පළාත් පාලන ආයතනවල ‘බලය පිහිටුවීම සඳහා වන එකඟතාවකට’ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ‘සාර්ථකව එළඹ’ තිබේ යනුවෙන් එම පක්ෂවල මහ ලේකම්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (මැයි 19) පැවැත්විණි. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරළ ඇතුළු පිරිසක් සහභාගි වූහ…..|තව කියවන්න BBC NEWS සිංහල