අද රැස්විය හැක්කේ සභා 161කට පමණයි
පුංචි සභා 339ම සභික නම් ගැසට් කළත් සියයට 50 නැති සභා රැස්කිරීම කොමසාරිස් නම් කරන දිනයක… 178ක් තවම බැහැ… ගැසට් නොකළ කිසිම නමක් සභිකයකු ලෙස පත් කිරීමට බැහැ…
පළාත් පාලන ආයතන 339ටම අදාළව පත්වූ සභිකයන්ගේ (මන්ත්‍රීවරුන්ගේ) නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළත් කිසිදු ගැටලුවක් නොමැතිව අද (02දා) රැස්විය හැක්කේ පළාත් පාලන ආයතන 161කට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා ‘දිවයින’ ට ඊයේ (01දා) පැවසීය. ඉතිරි 178 සම්බන්ධයෙන් ගැටලු පවතින බවද ඔහු කීය.
මෙම ආයතන 161ට පත්වූ සභිකයන් අතරින් නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උපසභාපති නම් කර ගැසට් මගින් ප්‍රකාශ කර ඇති බවත් එසේ නම් කළේ තනතුරුවලට පත්වූ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ඡන්ද ප්‍රතිශතය සියයට පනහ (50%) ඉක්මවා ඇති නිසා බවත් ඒ මහතා කීය…..|තව කියවන්න දිවයින