අනුර වික්‍රමසිංහද-රාජපක්ෂද-විජේවීරද? ගුරුදා විග්‍රහය!
2001 මහ මැතිවරණය රනිල්ගේ යූ.ඇන්.පී.ය දින්නේ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය නැතිවය. 2001 යූ.ඇන්.පී.ය දිනාගත්තේ ආසන 109කි. 2001 මහ මැතිවරණයේදී යූ.ඇන්.පී.ය ලංකාවෙන්ම ගත්තේ 45.62%ක ඡන්ද ප්‍රතිශතයකි. රනිල් භාරගත්තේ ඍණ ආර්ථිකයකි. ආර්ථිකය බින්දුවටත් පහළට වැටී තිබිණි. ජනාධිපති පුටුවේ සිටියේ චන්ද්‍රිකාය. ඇමැතිවරු දිවුරුම් දුන්නේ ඇය ඉදිරියේය. කැබිනට් මණ්ඩලයට නායකත්වය දුන්නේ ඇයය. වසරක් තුළ පාර්ලිමේන්තුව විසුරුවාලීමේ බලය ඇයට තිබුණු නිසා ආණ්ඩුව කොයි මොහොතේ හෝ කඩාවැටෙයි යැයි යූ.ඇන්.පී.යට ඡන්දය දුන් මිනිස්සුත් බියෙන් සිටියහ. රනිල් බලයට ආ විගස ප්‍රභාකරන් සමග සටන් විරාම ගිවිසුමක් අස්සන් කළ අතර, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රීලනිපයේ සහාය ඇතිව මවුබිම සුරැකීමේ ව්‍යාපාරය සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය යන දේශපාලන ව්‍යාපාර දෙකක් බිහිකර හාමුදුරුවරු පාරට ගෙන රට පුරා පෙළපාළි සහ උද්ඝෝෂණ පැවැත්වූහ. ඍණ ආර්ථිකය ධන කරගන්න රනිල් බදු වැඩි කරමින් සිටියේය. පළාත් පාලන ඡන්දයට දින නියම වූයේ 2002 මාර්තු මාසයේය. හරියටම මාස 04කට ආසන්න කාලයකදීය.
එම පළාත් පාලන ඡන්දයට පක්ෂ නායක රනිල් සහභාගි වූයේ කොළඹ රැස්වීම්වලට පමණි. මැතිවරණ සටන භාරදුන්නේ නියෝජ්‍ය නායක කරු ජයසූරියට සහ ශ්‍රීලනිපයෙන් යූ.ඇන්.පී.යට එක්වූ එස්.බී. දිසානායකටය. ජනාධිපති එක් පක්ෂයකත්, අගමැති තවත් පක්ෂයකත් නිසා පළාත් පාලන මැතිවරණයේදී නායකයන් නිෂ්ක්‍රීය විය යුතු යැයි එකඟතාවක් තිබිණි…..|තව කියවන්න මව්රට