Tuesday, June 24, 2025
Local News

අපි යුද්ධ කළේ මාතෘ භූමියේ සාමය වෙනුවෙන් – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ කියයි

0

රණවිරුවන් දිවි පුදමින් කරන කැප කිරීම උත්තරීතරයි…

යුද්ධය අවසන් කර ලබාගත් නිදහස ස්වභාවික නායයෑමකට සමාන වෙන්නේ කොහොමද – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…

සමරුවට ගෝඨාභයත් එක්වෙයි…

අපි යුද්ධ කළේ මාතෘ භූමියේ සාමය වෙනුවෙන් බවත්, ඒ වෙනුවෙන් රණවිරුවන් තම දිවි පුදකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20 දා) පැවසීය. ඊයේ (20 දා) උදෑසන රණවිරු සැමරුම් ස්මාරකය අසළ දී පැවති පොදුජන පෙරමුණේ රණවිරු සැමරුමට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්‍ෂ මහතා පවසා සිටියේ තමා මෙම සැමරුමට එක්වූයේ යුතුකමක් ඉටු කිරීමට බවත්, යුද්ධ කළේ සාමය වෙනුවෙන් බවයි. කාවවත් අල්ලගන්න නෙමෙයි. අපි යුද්ධ කළේ රට බේරගන්න. ඉදිරියට මේවා කරයිද? නැද්ද කියන්න බෑ. ඉදිරියේදී රණවිරු සැමරුම පවත්වනවාද නැද්ද කියන එක ආණ්ඩුව තමා තීරණය කරන්න ඕන. යුද්ධය කියන්නේ ඛේදවාචකයක්. නමුත් යුද්ධයේදී එක පාර්ශ්වයක් ජයග්‍රහණය කරන්න ඕනේ. අපේ හමුදාව ජයග්‍රහණය කළා. ජාතික ආරක්ෂාව ඉතින් ප්‍රශ්නයක් නෑනෙ…..|තව කියවන්න දිවයින

Share this :