Tuesday, June 24, 2025
Local News

අල්ලස් කොමිසමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විරෝධය

0

දූෂණ විරෝධී පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක කැඳවීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කරමින් දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි එම කැඳවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසමට ඊයේ (20 වැනිදා) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ නඩුව මෝසමක් මාර්ගයෙන් ඊයේ (20 වැනිදා) දහවල් කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සියලුම නීතිඥවරු සමග ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරු වන රියන්සි අර්සකුලරත්න, නලින්ද්‍ර ඉන්ද්‍රතිස්ස, රොනල්ඩ් පෙරේරා සමගින් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස දීර්ඝ ලෙස දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක ප්‍රකාශයක් ලබාදීමට කැඳවීම සම්බන්ධයෙන් ලබන ජූනි 3 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියෝග කළාය…..|තව කියවන්න අරුණ

Share this :